බ’ල්ලෙකු සො’රකම් කර උකසට තියා සල්ලි අරන්.

0

බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක සුරතලේට ඇති කළ සුනඛයකු සො’රකම් කරගෙන රුපියල් 7500ට උකස් කළ පුද්ගලයන් දෙදෙනකු ඊයේ (7 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැ’කකරුවන් බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියයි.

සැ’කකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමෙන් සො’රකම් කරන ලද සුනඛයාද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැ’කකරුවන් ඊයේ (7 වැනිදා) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එන්.එස්. ප්‍රියනන්දන – බලන්ගොඩ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here