රටේ නමගිය 80 ක් කොවිඩ්වලින් ම’රුට..කලාකරුවෝ 300කටත් ආ’සාදනය වෙලා

0

මේ රටේ ධනවත් ව්‍යාපාරිකයින්,දේශපාලඥයින්,ප්‍රභූවරුන් වෘත්තිකයන්,කලාකරුවන් ඇතුළු මුල්පෙළේ කැපී පෙනෙන පුද්ගලයන් අසූවකට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනය වීමෙන් මේ දක්වා මි’යගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ගායකයන් රංගන ශිල්පීන් ඇතුළු වූ විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් තුන්සියයකට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදන‍ය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පවසා තිබෙනවා.සෞඛ්‍ය අංශ සඳහන් කරන අන්දමට කොවිඩ් ආසාදනය වූ මැති ඇමතිවරුන් සංඛ්‍යාව විසි හතක්.

කොවිඩ් ආසාදනය වීමෙන් මි ය ගිය ප්‍රධාන පෙළේ පුද්ගලයන් අතර හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර,හිටපු කතානායක වරයෙකු වූ විජමූ ලොකුබණ්ඩාර,සයිටම් ආයතනයේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නෙවිල් ප්‍රනාන්දු,කැපිටල් මහරාජා සමාගමේ සභාපති ආර් රාජමහේන්ද්‍රන්,ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා සංගීතවේදී සුනිල් පෙරේරා වන අයද වේ.

එමෙන්ම යු ධ හමුදා පර්යේෂණ ව්‍යාපෘති සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස් ඩී උදයසේන,එල් ටී ටී සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ඡ් මාස්ටර් නොහොත් වේලුපිල්ලේ කුමා පංචරත්නම්,බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ ඩග්ලස් ප්‍රනාන්දු ප්‍රනාන්දු රාගම රෝහලේ වෛද්‍ය ගයාන් දන්තනාරායන,ගෞරි තවරාසා නීතිඥ සමාගමේ සභාපතිනි නීතිඥ ගෞරි තවරාසා යන අයද වෙති.

මීට අමතරව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයෙකුද කොවිඩ් ආසාදනය වීමෙන් පසු ගිය අප්‍රේල් මස 8 වැනිදා මි ය ගියේය.

හිටපු ඇමතිවරයෙකු කු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මි ය ගියේ පසුගිය අගෝස්තු 13 වැනිදාය.කැපිටල් මහරාජා සමාගමේ සභාපති ආර් රාජමහේන්ද්‍රන් මහතා පසුගිය ජූලි මස 20 වැනිදා මි ය ගියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතා පසුගිය පෙබරවාරි මස 4 වැනිදා හිටපු කතානායක වරයෙකු වූ විජමූ ලොකුබණ්ඩාර මහතා පෙබරවාරි මස දාහතර වැනිදත් කොවිඩ ආසාදනය වීමෙන් ජී’විතක්ෂයට පත්විය.

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා කොවිඩ් ආසාදනය වීමෙන් පෙරේදා මි ය ගියේය.

(සුජිත් හේවාජූලිගේ – ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here