පාඩම් කියාදෙන්න ගොස් 15 හැවිරිදි දරුවාට අ’තවර කළ දහ අටේ තරුණිය දැලේ.

0

ලාබාල පිරිමි ළමයකු බ’රපතළ ලෙස අප’යෝජනයට ලක් කිරීමේ චෝ’දනාව මත දහඅට හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් දික්වැල්ල පොලිසියෙන් වාර්තාවේ.

15 හැවිරිදි මෙම පිරිමි ළමයා ඇයගේ ඥාති සහෝදරයකු වන අතර පාඩම් කිරීම සදහා ගොස් මෙම සිදුවීම සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.

තරුණිය සිය කාමරයේ රාත‍්‍රී ගත කරද්දී මෙසේ අත’වරයට ලක් වී ඇති බව ඔහුගේ දෙමව්පියන් පොලිසියට පැ’මිණිලි කර තිබේ.

එහිදී තරුණිය විසින් මෙම ඥාති ළමයා එම ක්‍රියා වලට පොළඹවා ඔහු සමග අදාළ තරුණිය ලිං’ගිකව හැසිරී ඇති බවද අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර පිරිමි ළමයා හා තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමටද නියමිතය.

දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජී. පී. ටී. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි අ’පරාධ වි’මර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්. එස්. මදුරංග මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ  ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ඉෂාරා, උප පොලිස් පරීක්ෂක ශාන්ත කෙඩිතුවක්කු, උප පොලිස් පරීක්ෂක ලලිත්, පොලිස් කොස්තාපල් (40458) දිසානායක, (89454) ලක්මාල්, (4051) ධම්මික යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

නිමල් හේමසිරි – රදම්පල (දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here