මීගමුව රෝහලේ කොවිඩ් රෝගීන් බෙදාගන්න බැරිව කරපු අ’පරාධයක්.

0

මීගමුව මහ රෝහලේ කොරෝනා රෝගීන් රැකබලා ගැනීමේ කටයුතුවල නියුතුව සිටි කුලී උපස්ථායකයන් දෙදෙනකු අලූතින් රෝහල් වෙත පැමිණි කොවිඞ් ආසාදිතයකු කුලියට උපස්ථාන කිරීමට අයිතිකර ගැනීමට යෑමේදී ඇතිකරගත් ආ’රවුලක් ඇතිවී තිබේ.

එහිදී එක් උපස්ථායකයකු විසින් අනිත් කුලී උපස්ථායකයාට පි’හියෙන් ඇ න ඝා’ත නය කිරීමට තැ ත්කොට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ පො. කො. (82489) අමල් මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු වාර්තාව අනුව මෙම සිද්ධියට අදාළව කුලී උපස්ථායකයකු වන කටාන පදිංචි ඩබ්ලිව්. කේ. සුනිල් නමැති සැ’කකරු (7 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව සිදුකළ මූලික වි’මර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැ’කකරු කොරෝනා රෝගීන් රැකබලා ගන්නා කුලී උපස්ථායකයකු බවය.

තු’වාලකරුද ඔහු මෙන්ම රෝහලේ රෝගීන් රැකබලා ගන්නා කුලී උපස්ථායකයෙක් බවද සඳහන්.

රෝහලට ඇතුල්කළ අලූත් කොවිඩ් රෝගියකු රැකබලා ගැනීම සඳහා රෝගියාගේ භාරකාරත්වය ලබා ගැනීමට දෙදෙනා අතර සිදුවූ අ’රගලයේදී මෙය සිදුව ඇත.

අත්අඩංගුවට ගත් සැ’කකරු අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේ තු’වාලකරු බ’රපතළ තත්ත්වයෙන් නොසිටීමත් කොවිඩ් රෝගය ව්‍යාප්තවීමත් සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් චම්පික රාජපක්ෂ මහතා විසින් සැ’කකරුට ත රයේ අවවාද කර රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප නියම කරන ලදී.

විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් කරුණාතිලක මහතා පෙනී සිටියේය.

මීගමුව සමූහ – විමල් කීර්ති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here