දියණිය කුහුඹින්ට භූමිතෙල් දමා ගි නි තබයි -අම්මා ඇඳ මත පි’ළිස්සී ම’රුදකියි.

0

රෝගීව එක්තැන්ව සිටි 89 හැවිරිදි මවක් ඇඳ මත පි’ලිස්සී මි’යයෑමේ සිද්ධියක් පිළිබඳව සැකපිට ඇයගේ 68 හැවිරිදි අවිවාහක දියණියක් මීගමුව පොලිසියේ අ’පරාධ වි’මර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මෙසේ මි’යගොස් ඇත්තේ මීගමුව, ගල්කටුව පාරේ පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක් .

දියණියන් දෙදෙනෙක් සහ එක් දියණියකගේ පුතා මෙම නිවෙසේ පදිංචිව සිට ඇති අතර අ’සනීප වී එක්තැන්වීම නිසා මි’යගිය මව කාලයක් තිස්සේ ඇවිදීමට නොහැකිව ඇඳ මත ජීවත් වී තිබෙනවා

දැනට සිදුකර ඇති වි මර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා

ඒ අනුව ඇඳට කූඹින් ඒම වැළැක්වීම සඳහා මි’යගිය කාන්තාවගේ 68 වියැති අවිවාහක දියණිය විසින් බිම සිටි කූඹින් වි’නාශ කිරීම සඳහා භූමිතෙල් වත්කර ගි’නි තබා තිබෙන බවයි වාර්තාවන්නේ

මි’යගිය අයගේ නිවෙසේ පදිංචිව සිටින දියණියකගේ 43 හැවිරිදි පුත්‍රයාද පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට පැමිණ ම’රණ පරීක්ෂණය සිදුකළ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් පී. කුමාරනායක මහතා පශ්චාත් ම’රණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබෙනවා

මීගමුව පොලිසියේ අ’පරාධ වි’මර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර වි’මර්ශන සිදුකරනු ලබනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here