බනිස් කැබැල්ලක් ගාල්ලේ කොවිඩ් හැඳුනු දෙදරු පියෙක් බි’ලිගත් හැටි

0

කොවිඩ් ආසාදිත දෙදරු පියෙකු බනිස් කැබැල්ලක් ශ්වසන මාර්ගයේ හි’රවිමෙන් මි’යගොස් ඇති බවට ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (08) පැවති පශ්චාත් ම’රණ පරික්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

මි’යගොස් ඇත්තේ අගුළුගහ දොරපේ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකි.

මි’ය ගිය පුද්ගලයා උදරයේ ඇතිවු ආ’බාධයක් නිසා ප්‍රථිකාර ලබාගෙන තිබෙන අතර ඉන්පසු ඔහු විසින් දියර වර්ග පමණක් පානය කරමින් සිට තිබෙනවා.

ඊයේ දිනයේ ඔහු විසින් බනිස් ගෙඩියක් කෑමට ඉල්ලා ඇති අතර  බනිස් ගෙඩිය ආහාරයට ගනිමින් සිටියදි එකවරම සි’හිසුන්ව ඇති අතර පසුව කරාපිටිය රෝහලට රැගෙනවිත් තිබෙන අතර ඇති අතර රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මි’යගොස් තිබුණා.

මි’ය යාමෙන් පසුව කරණු ලැබු පී.සි.ආර්. පරික්ෂණයේ දී මෙම පියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවි තිබෙනවා.

ඔහුගේ හදිසි ම’රණ පරික්ෂණය හබරාදුව හදිසි ම’රණ පරික්ෂක ගාමිණි කමල්තිලක මහතා විසින් සිදුකරණු ලැබුවා.

පශ්චාත් ම’රණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකර තිබුණා.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍යවාර්තා සැලකිල්ලට ගත් ම’රණ පරික්ෂකවරයා විසින් බනිස් කැබැල්ලක් ශ්වසන මාර්ගයේ හි’රවිම නිසා ම’රණය වීම නිසා මෙම දෙදරු පියා මි ය ගිය බවට තීන්දු කළා.

(ලලිත් චාමින්ද – ගාල්ල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here