අයකැමිවරියට අතපසුවී 60000 චෙක් එකට ලක්ෂ 6ක් දීල..අරන් මාරුවෙලා..සැ’කකරු රිමාන්ඩ්.

0

කඩවත නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් 60,000ක චෙක්පතක් මාරුකිර්මට පැමිණි පුද්ගලයකුට අයකැමිවරිය අතපසුවීමකින් ගනුදෙනුකරුට රුපියල් ලක්ෂ හයක මුදලක් ගෙවා ඇති අතර ගනුදෙනුකරු වං’චනික ලෙස මුදල් බෑග් දෙක රැගෙන ගොස් ඇත.

සිද්ධිය පිළිබඳව මූල්‍ය ආයතනය විසින් කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය සැ’කකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 6 වැනිදා කඩවත පිහිටි මෙම පෞද්ගලික මූල්‍ය ආයතනය වෙතට පැමිණි එම පුද්ගලයා රුපියල් 60,000ක
චෙක්පතක් මාරු කරගත් අවස්ථාවේදී අයකැමිවරිය අතපසුවීමකින් ගනුදෙනුකරුට රුපියල් පන්ලක්ෂ හතළිස් දහසක මුදලක් වැඩිපුර ගෙවා ඇති අතර සැ’කකරු විශ්වාසය
ක’ඩකරමින් මුදල් රැගෙන ගොස් ඇත.

අනතුරුව මූල්‍ය ආයතනය ඒ පිළිබඳව කඩවත පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය සැ’කකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට සැ’කකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

බැංකුවේ ආරක්ෂිත කැමරා පද්ධතියද පරික්ෂා කිරීමෙන් අනතුරුව මොහු අත්අඩංගුවට ගත් අතර කවුන්ටරයේ සිට මුදල් පාසල් දෙකක් රැන්ගෙන යන අයුරු එහි සටහන්ව ඇති බව ආරක්ෂිත කැමරා සෝදිසි කිරීමෙන් තහවුරු කරගෙන ඇත.

කඩවත, ඉහළ කරගහමුණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගත් පොලිසිය සා’පරාධී විශ්වාසය
ක’ඩකිරීම සහ සා වාද්‍ය දේපළ පරිහරණය යන චෝ’දනා මත ඔහුට එ’රෙහිව කඩවත මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

ඉකුත් 07 වැනිදා අත්අඩංගුවට ගත් සැ’කකරු 08 වැනිදා මහර අංක 2 අධිකරණයේ මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 22 වැනිදා දක්වා ර’ක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ අධීක්ෂණය මත කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මොහාන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවමින් සැ’කකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here