හොරෙක් කියා බ’යවෙලා කොරෝනා ඇඳුමට ත’ඩිබාලා

0

සෞඛ්‍ය සේවයට සම්බන්ධ සාමාන්‍ය රැකියාවක නියුතු කෙනකුට කොරෝනා වලින් ආරක්ෂා වීමට ලබාදී තිබුණ අලු‍ත් ඇඳුම් කට්ටලයක් නිසා අලි ජ’රමරයක් වීමේ පුවතක් බේරුවලට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

මෙම සෞඛ්‍ය සේවකයා මෙම ඇඳුම් කට්ටලය දිග හැර බලා නි​වසේ පසුපස කුඩා කාමරයක ඇඳුම් රඳවනයේ මදක් උසින් තැබුවේ පසුදින රාජකාරි ස්ථානයට ඇඟලාගෙන යාමේ අරමුණෙනි.

මෙම සෞඛ්‍ය සේවකයාගේ නිවෙසේ පදිංචිව සිටින්නේ මව පියා සහ සීයා පමණක් වන අතර සීයා ආරක්ෂක සේවයේ නියුතුව විශ්‍රාමිකව සිටින වයස හැත්තෑවකට ආසන්න වයසේ පසුවූවෙකි.

යාබද නිවෙසේ ඥාති සොයුරා එදින රාත්‍රියේ මෙම නිවෙසට පැමිණියේ සෞඛ්‍ය සේවයේ නියුතු සොයුරා ගෙන් යමක් දැනගැනීමටය. ඒ අතරතුර සෞඛ්‍ය සේවකයා ජංගම දුරකතනයට ඇමතුම් ගැනීමට අවශ්‍ය කාඩ් පතක් මිලදී ගන්නට යාබද වෙළෙඳසලකට ගොස් සිටි අතර නි​වසේ වැඩිහිටියන්ද සිටියේ රූපවාහිනිය නරඹමිනි.

නිවෙසට පැමිණි ඥාති සොයුරා පසුපස කාමරයට පැමිණ බලන විට ‘‘කොරෝනා’’ ඇඳුම එල්ලා තිබෙනු දැක තිබේ. ඔහු එම ඇඳුම් කට්ටලය ක්ෂණිකව තිබුණු ස්ථානයෙන් මදක් මෙහාට ගෙන ශීතකරණයට එහායින් පඹයකු ලෙස ඇඳුම අන්දා නිහඬව මද වෙලාවක් සිට තමන් ආ කාරණය සඳහා පසුදින උදෑසන නැවත පැමිණෙන බව කියා ඔහුගේ නිවෙසට ගියේය.

ඒ අතරතුර තම දුරකතනයට කාඩ් පතක් දමාගෙන පැමිණි රෝහල් සේවකයා කාමරයට වැදී පෙම්වතිය සමග දිගු දුරකතන සංවාදයක නිරත විය.

මේ අතර මව පියා නින්දට ගොස් තිබෙන අතර තම සීයා මුළුතැන්ගෙයි පෙදෙසෙන් හිටි ගමන්ම ඇසුණු කිසියම් ශබ්දයක් විපරම් කිරීමට අඩඅඳුරේම එම ස්ථානයට ගොස් බලද්දී සීයා ශීතකරණය අසල සොරකු සිටිනු ඇතැයි සිතුවේය.

ඉන්පසු ඔහු හීන්සීරුවේම දොරට දමන පොල්ල ගෙන පසුදින රාජකාරියට ඇඳගෙන යාමට තිබූ ‘‘කොරෝනා’’ ඇඳුමට දිගට හරහට තඩිබෑවේ දැ ඩි භී’තියත් සමගය. සීයා සොරකු යැයි එල්ල කළ ප’හරක් දෙකක් ශීතකරණයටද වැදුණේය.

පසුදින උදෑසන සෞඛ්‍ය සේවකයා සේවයට යාමට පෙර පැමිණි ඥාති සොයුරාගේ හැසිරීමෙන් සිදුවී තිබෙන වි’න්නැහිය දැනගත් අතර තම කොරෝනා ඇඳුම නිවෙස තුළ පඹයකු ලෙස සැකසීමෙන් ශීතකරණය අසල සො’රකු ඇතැයි සිතූ සීයා ශීතකරණයට පො’ලු‍ පා ර දී තිබෙන බව ඥාතියා දැනගත්තත් එය හෙළි නොකිරීමට ඔහු වග බලාගත්තේය.

( අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා ලංකාදීප පුවත්පතට පළ කල ලිපියකි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here