තමන්ට කොවිඩ්යැයි සිතා යාලුවන්ට බෝවෙනවට අකමැත්තෙන් අවසන් ගමන් ගිය පොලිස් නිලධාරියා.

0

තමන්ට කොවිඩ් වැ’ළඳී ඇතැයි සැ ක කරමින් මෝදර පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් පෙරේදා (9) සවස සි ය දි වි හා’නිකරගෙන මි’යගොස් ඇත.

මෙසේ මි’යගොස් ඇත්තේ බදුල්ල රාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

තමන්ට කොරෝනා වයිරසය සෑදී ඇති බවට සිතෙන බවත් ඒ හේතුවෙන් තමන් සමග සිටින අනෙක් මිතුරන්ට ද එය බෝ විය හැකි යැයි සිතු නිසා තමන් මෙලෙස සිදු කර ගැනීමට තීරණය කළ බවත් සඳහන් කරමින් මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලිපියක් ලියා තබා ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයා පෙරේදා (09) සවස 5.30ට පමණ පොලිස් බැරැක්කයේ වැසිකිළිය තුළ මෙය සිදුකරගෙන
ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ඔහු පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව නිම කර ඇත්තේ ඉකුත් මාර්තු මස 15 වැනිදා වන අතර, පසුව කොළඹ රථවාහන කොට්ඨාසයේ රාජකාරි භාර ගෙන ඇත.

එසේ සිටියදී මෝදර පොලිසියට අනුයුක්ත වී ඇත්තේ අගෝස්තු මස 12 වැනිදා බව ද සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා
මහත්මිය ඊයේ (10) මෝදර පොලිසියට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ම’රණකරුගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් ම’රණ පරික්ෂණයක් සිදුකිරිම සඳහා අවසර දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here