අ’නියම් පෙමට සැමියා බි’ලිදුන් ග‍්‍රාම නිලධාරිනිය අල්ලන්න පරීක්‍ෂණ.

0

අ’නියම් සම්බන්ධයක් මුල්කර ගෙන ඇතිවූ ආ’රවුලක් මත හමුදා බුද්ධි අංශයේ සෙබළුන් පිරිසක් යොදා ගෙන සිය සැමියා ඝා’ත නය කළ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිනියක් ඇතුළු හමුදා බුද්ධි අංශ සෙබළුන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ උතුර කොට්ඨාස අ’පරාධ වි’මර්ශන අංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සැ’කකාර ග‍්‍රාම නිලධාරිනිය සහ හමුදා කෝප‍්‍රල්වරයකු අතර පැවැති අ’නියම් ඇසුරක් මෙම ඝා’ත නයට හේතුවී ඇත.

කොළඹ උතුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක සෙබළුන් හත් දෙනකුගෙන් මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

මෙම අ’බිරහස් සිදුවීම සිදුවී ඇත්තේ ඉකුත් අගෝස්තු මස 14 වැනිදාය.මෙලෙස ඝා’තනයට ලක්ව ඇත්තේ අකිල නමැති පුද්ගයෙකි.

ඔහු සිය යතුරුපැදියෙන් යමින් සිටියදී බොලෙරෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණ ඇති බව කියන හමුදා බුද්ධි අංශ සෙබළුන් ඔහු පැ’හැ රගෙන ගොස් මෙය සිදුකර සේදවත්ත ප‍්‍රදේශයෙන් කැලණි ගඟට සි’රුර දමා ඇත.

ග‍්‍රාම නිලධාරිනියගේ සැමියාගේ සි රුර මෝදර කාකපතට ඉකුත් 15 වැනිදා ගොඩ ගසා තිබියදී පොලිසිය මගින් සොයා ගන්නා ලදී.ඒ වන විට මෙම සිරුරේ අත්පා එකට ගැ ට ග සා තිබූ බව පොලිසිය පවසයි.

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වි’මර්ශන ආරම්භ කළ කොට්ඨාස අ’පරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පි‍්‍රයන්ත, උ.පො.ප. ජයසිංහ ඇතුළු නිලධාරීන් මෙහි සු ලමුල හෙළි කරගෙන තිබේ.

මට්ටක්කුලිය පොලිස් වසමේ රාජකාරි කරන ග‍්‍රාම නිලධාරිනියක් කොළඹ උතුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක කෝප‍්‍රල්වරයකු සමග කාලයක සිට අ’නියම් ඇසුරක් පවත්වා ඇත.එම සම්බන්ධය හෙළිවීමෙන් පසු ඔවුන් අතර නිතර නිතර ආ’රවුල් ඇතිවී තිබිණි.

පසුව මෙම ග‍්‍රාම නිලධාරිනිය හමුදා බුද්ධි අංශ කෝප‍්‍රල්වරයා සමග එක්ව සැමියා ඝා’ත නය කිරීමට සැලසුමක් සකස් කර ඇති බව වි’මර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ඝා’ත නය සඳහා කොළඹ උතුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක බුද්ධි අංශ සෙබළුන් හත් දෙනකු යොදාගෙන ඇති අතර ම’ත් ද්‍රව්‍ය ජා’වාරම්කරුවකුගේද සහාය ඒ සඳහා ලැබී ඇති බව වි’මර්ශනවලින් අනාවරණය වී තිබේ.

හේමන්ත රන්දුණු – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here