නෝර්වේ ඡන්දයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් දිනයි

0

2021 සැප්තැම්බර් 13 වැනිදා නෝර්වේහිදී අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයේ දී යාපනයේ කාන්තාවකට නෝර්වේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසනයක් හිමි වී තිබේ.

යාපනයේ ඉපදී වයස අවුරුදු තුනේදී නෝර්වේ රාජ්‍යය වෙත ගිය කම්ෂාජිනී ගුණරත්නම් ලේබර් පක්ෂයෙන් නෝර්වේ පාර්ලිමේන්තුවට තරග කර මෙම මන්ත‍්‍රී අසුන දිනාගෙන තිබේ.

2015 ඔක්තෝබර් 21 දා පැවැති නෝර්වේ නගර සභා මැතිවරණයේ දී ඇය නියෝජ්‍ය නගරාධිපතිනිය වශයෙන් තේරී පත් වූ අතර යළි 2019 වසරේදී ද එම තනතුරටම මහජන ඡන්දයෙන් පත් වී තිබේ.

2021 නෝර්වේ මහ මැතිවරණයේ දී ඇය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක බවට පත්ව ඇත.

දිනසේන රතුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here