ටියුෂන් අයියාගේ ප’හරින් මල්ලීට දිවි අහිමිවෙයි.

0

මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ
බ’හින්බස්වීමකදී අයියාගේ ප’හරකින් තු’වාල ලබා දින තුනකට පසුව ප්‍රතිකාර ලබමින් සිටි මල්ලී රෝහලේදී (15) දා මි’යගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මි’යගොස් ඇත්තේ කැස්බෑව,
මාකන්දන ප්‍රදේශයේ පදිංචි රංගන අල්විස් නමැති (41) හැවිරිදි කරණවෑමියකු බව පොලීසිය කියයි.

මි’යගිය පුද්ගලයා විවාහ වී වෙනම ජීවත්ව සිටින අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කතා බහ කර ගැනීම සඳහා ඉකුත් 12 දා තම උපන් නිවෙස පිහිටි පොල්ගස්ඕවිට, හෙරලියාවල
ප්‍රදේශයේ නිවෙසකට බිරිඳ සමග පැමිණ ඇතැයි පැවසේ.

එහිදී ගනුදෙනුව සම්බන්ධයෙන් සිය වැඩිමල් සහෝදරයා සමග කතා බහ කරමින් සිටියදී එය දුරදිග යාමෙන් බ’හින්බස්වීමක් ඇතිවී අයියා මල්ලීට ප’හරදීමක් සිදුකර ඇතැයි මූලික වි’මර්ශනවලදී අනාවරණය වී ඇතැයි පැවැසේ.

එම ප’හරදීම සිදුවන අවස්ථාවේදී මි’යගිය පුද්ගලයා ස්නායු ආ’බාධයක් හේතුවෙන් ගෙලට බෙ’හෙත් ග්ලාස්ටරයක් දමා තිබී ඇති බවද කියති.

ඒ අනුව ප’හර කෑමෙන් තු’වාල ලැබූ පුද්ගලයා එදින ප්‍රතිකාර සඳහා රෝහලකට නොගොස් ඉකුත් 14 දා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් වී
ඇති අතර එහිදී වෛද්‍යවරුන් රෝගියා
පරික්ෂාකොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී (15) දා උදෑසන මි’යගොස් ඇති බව පොලිසිය පවසයි.

අනුව ප’හරදීම සිදු කළ බවට සැ’ක කෙරෙන පොල්ගස්ඕවිට, හෙරලියාවල ප්‍රදේශයේ පදිංචි 47 පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා සහ
ඔහුගේ බිරිඳ (15) උදෑසන කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මි’යගිය පුද්ගලයාගේ දේහය පීසීආර්
පරික්ෂණයකට ලක්කිරීමට නියමිත අතර එහි වාර්ථාව ලැබීමෙන් පසුව පශ්චාත් ම’රණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැ’කකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අ’පරාධ වි’මර්ශන අංශයේ
ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගම්ලත්
මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරික්ෂකෙ දිසානායක ඇතුළු නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here