කැලණියේ ගෙයක් ඇතුලේ තරුණියෝ අටක් එකට කූ’ඩුවෙලා

0

නීත්‍යනුකූල අවසරයක් නොමැතිව නිරෝධායන නීති උ’ල්ලං ඝනය කරමින් එකම නිවසක රැදී සිටි තරුණියන් අට
දෙනකු අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය පවසයි.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ අ’පරාධ හා ම ත් ද්‍රව්‍ය නි’වාරණ විශේෂ මෙහෙයුමකදී මෙම තරුණියන් රැදී සිටි නිවෙස ඉකුත්
14 වැනිදා රාත්‍රී කාලයේදී ව’ටලා ඇත.

කැලණිය පොලිස් වසමට අයත් ගෝනවල උස්වත්ත ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන, එහි විවිධ ප්‍රදේශවල ස්ථිර පදිංචි තරුණියන් මෙම කුලී නිවසේ රැදී සිටි බව පොලිසිය පවසයි.

ඔවුන් අලුත්ගම, කොච්චිකඩේ, ගොතටුව, නුවර,හඟුරන්කෙත ආදී ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බව
පොලිසිය පැවැසීය.අන්තර්ජාලය මාර්ගයෙන් මෙම තරුණියන් සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි.

මෙම තරුණියන් කුමක් සඳහා මෙම නිවසේ රැඳී සිටියේද පිළිබඳව පරික්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

මෙම තරුණියන් 8 දෙනා නීත්‍යනුකූල අවසරයක් නොමැතිව, නිරෝධායන නීති උ’ල්ලං ඝනය කිරීම යටතේ මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි, කැලණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් වල්පොල මහතාගේ මෙහෙයවීම පරිදි පොලිස් පරික්ෂක සුමිත් කරුණාරත්න,
පොලිස් සැරයන් සාන්ත (55432), පොලිස් සැරයන් ගාමිණී (37218), පොලිස්කොස්තාපල්වරුන් වන ප්‍රභාත්
(74970), සංජීව (82109), ප්‍රියදර්ශන(66532), දසනායක (71335),කාන්තා පොලිස් කොස්තාපල් මධුභාෂීණී (10821) යන නිලධාරිහු වැටලීම සිදුකර මෙම තරුණියන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here