බනිස් කකා සිටියදී දුවගේ හිස ක’ඩා වැ’ටුණැයි බිරිඳ පැවසුවා…මියගිය දැරියට කොරෝනා බව පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් හෙළිවෙයි.

0

පැල්මඩුල්ල පාතකඩ ප‍්‍රදේශයේ සය හැවිරිදි දැරියක් කොවිඩ් ආසාදිතව ජී’විතක්ෂයට පත්ව තිබේ.

හදිසියේම අ’සනීපව කහවත්ත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මි’යගිය සය හැවිරිදි දැරියගේ ම’රණයට හේතුව කොවිඩ් ආසාදිත වීම බව පී.සී.ආර්. පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

පැල්මඩුල්ල” පාතකඩ” ගොඩගම ග‍්‍රාමසේවා වසමේ ගල්ලෑල්ල අරඹ පදිංචි මෙම දැරියගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව පෙරේදා (16 දා) දහවල් ලැබුණු බවත්” ඒ අනුව ඇයගේ ම’රණයට හේතුව කොවිඩ් ආසාදිත වීම බව කහවත්ත හදිසි ම’රණ පරීක්ෂක ආර්. එස්. ගොඩගේ මහතා පැවසීය.

දුව බනිස් ගෙඩියක් කමින් සිටියදී එකවරම හිස පහතට ක’ඩාවැටුණු බව බිරිඳ පැවසුවා යැයි මි’යගිය දියණියගේ පියා වන ආනන්ද ජයතිලක හදිසි ම’රණ පරීක්ෂණයේදී සාක්‍ෂි ලබාදී තිබිණි.

එදිනම කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ දැරිය එදින දහවල් මි’යගොස් සිටි බව හදිසි ම’රණ පරීක්ෂණයේදී තහවුරු වී තිබිණ.

කහවත්ත – සමරවීර නිරෝෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here