කුඹුර ලියා නොදුන්නැයි වැලිගම පොහොට්ටු මන්ත‍්‍රී මවට හා පියාට කළ අහස පොළොව නු’හුලන අ’පරාධය.

0

කුඹුරක් ලියා නොදුන්නැයි කියා වැලිගම ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මංත්‍රී ප්‍රසාද් මිලින්ද සිය මවට සහ පියාට ප’හ රදුන් බව කියන සිද්ධියක් පිළිබඳව වැලිගම පොලිසිය පරීක්ෂණයක් පවත්වයි.

මෙම ප’හරදීමට ලක්වූ පියා දැනට අහංගම රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර මව දැ ඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබති. කාලයක් තිස්සේ පවතින ආ’රවුලක් මූලික කරගෙන මෙය සිදුව ඇතැයි සඳහන් වේ.

මෙම සිද්ධිය පිළිබඳව වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතාගෙන් කරන ලද විමසීමේදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් වි’මර්ශනයක් සිදු කරන බවයි.

එමෙන්ම මව්පිය දෙපලට මෙය සිදු කළ සැ’කකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය. මේ පිළිබඳ පවුලේ දරුවන් විසින් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මාතර අතිරේක ලලත් පද්මසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here