පියාගේ දිවි බේරා,උපන්දිනය දාම හිත්පිත් නැති ලෝකයෙන් යන්නම ගිය පුංචි පුතා

0

19 වන දින රාත‍්‍රි කාලයේ පවුලේ ඥාතීන් පිරිසක් සමග සචින්තගේ පියා ගැ’ටුමක් ඇතිකර ගෙන ඇති අතර එය දුරදිග යෑමෙන් පසු පියාට එ’ල්ල කරන ලද වෙ’ඩි ප‍්‍’රහාරය ගැ’ටුම අතරට පැමිණ සිටි සචින්තට වැ දී ඇති බවට තොරතුරු අනාවරණය වන බව පොලීසිය පවසයි.

ඉන් තු’වාල ලද සචින්ත වීරකැටිය රෝහල වෙත ගෙනගෙස් ඇති අතර එහිදී මි’යගොස් ඇත.

මෙයට සැකපිට තිදෙනෙකු මේ වනවිට වීරකැටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රධාන සැ’කකරු ප‍්‍රදේශයෙන් ප’ලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් වීරකැටිය පොලීසිය පවසයි.

සිද්ධියට අදාළ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය වලස්මුල්ල වැඩ බලන මහෙස්ත‍්‍රාත් එල්. බී. ‌හේරසිංහ මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් ම’රණ පරීක්ෂණය ස`දහා මෘ’ත දේහය තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලදී.

වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්. කැළුම් සංගීත් මහතාගේ මෙහෙයවීම පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

මගේ රත්තරං පුතාගේ උපන් දිනය සමරන්න තිබුණේ 20දා. මම ගොඩක් ආශාවෙන් හිටියේ. පුතා පවුලේ අයට කථා කරල කිව්ව මගේ උපන් දිනය දා පාටියක් ගන්නව එන්න කියල. පුතා ගොඩක් ආශාවෙන් හිටියේ උපන් දින පාටිය ගන්න.

ඇයි මගේ පුතාට එයාගේ ආශාව ඉෂ්ට කරගන්න ඉඩ නොදුන්නේ. පුතා උපන් දිනයට කළින් දවසේම අප හැම තනිකර යන්න ගියා. මේ අෙ`දා්නාව ඇසුනේ  මි’යගිය සචින්තගේ දේහය තැන්පත් කර තිබූ වීරකැටිය රෝහලේ මෘ’ත ශරීරාගාරය අසලිනි.

සා’හසිකයකු නිසා මි’යගිය දාහතර හැවිරිදි පාසල් සිසුවෙකු වන මොහොට්ටිගේ සචින්ත නිම්සරගේ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය වලස්මුල්ල වැඩ බලන මහෙස්ත‍්‍රාත් එල්. බී. හේරසිංහ මහතා ඉදිරියේ වීරකැටිය ප‍්‍රාදේශීය රෝහලේදී පැවැත්වුණි.

මියගිය සචින්ත නිම්සර හ/ ගජනායකගම කණිෂ්ඨ විද්‍යාලයේ නවය වසරේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.

මුල්කිරිගල පී.එස්. හෙට්ටිආරච්චි සූරියවැව නුවන් ජයසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here