ඇහි බැම කැ’පුවට මව දො’ස් කීවැයි 16 හැවිරිදි පුතෙක් කරගත් වි’නාශය.

0

සිය නළලේ ඇහිබැම ක පා හැඩ කළාට මව දො’ස් කීම නිසා සිත් තැ’වුලට පත් 16 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (21 වැනිදා) පෙරවරුවේ සිය නිවසේදී දි වි තො’ර  කරගෙන තිබේ.

මෙසේ මි’යගොස් ඇත්තේ ගිරාලගොල්ල, ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි මෙවර අපොස (සාපෙළ) විභාගයට පෙණී සිටීමට නියමිතව සිටි සිසුවෙකි.

කොණ්ඩය ක’පලා තිබ්බ විදියට මම දො’ස් කිව්වා. ඉස්කෝලෙ යන ළමයකුට ගැළපෙන්නෙ නෑ කියලා. ‘‘ඇයි අම්මේ මම විතරක් නෙවෙයි, මගේ යාළුවොත් මේ විදියට කැ’පුවා’‘ කියලා කිව්වා. මම කිව්වා ළමයකුට ඒක හොඳ නෑ කියලා.

අද උදේ මම බලනකොට දැක්කා ඇහැබැම ඉරි කපලා තිබ්බා. මම කිව්වා ඔයාගේ ඔය මූණ ඇයි එක එක විකාර කරලා කැ’ත කර ගන්නේ කියලා. මම දැන් ගිරාදුරුකෝට්ටේ යනවා. ගිහින් එනකොට ඔක්කොම ගාලා තියෙන්න ඕන. එතකොට ඉස්කෝලෙ අරිනකොට වැවිලා තියෙයි කියලා. මම එයාට මැ’රෙන්න තරම් දෙයක් කිව්වේ නැහැ.’’ යැයි ඔහුගේ මව පැවසීය.

‘‘මම නැන්දා කෙනෙක් එක්ක ගියා බැංකුවට ගිහින් එන්න. ගිහින් 9.30 විතර වෙද්දී ගෙදර ආවා. එනකොට චූටි පුතා අම්මලා ගෙදර ඉඳන් දුවගෙන ආවා. මම ඇහුවා අයියා කෝ කියලා. අයියා ටී.වී. බලනවා කිව්වා.

ඉස්සරහ දොරෙන් කතා කළා. සද්ද නැති නිසා පස්ස දොරෙන් ගියා. දොර ඇරලා ගෙට ගියා. ගෙට ගියාම චූටි පුතා කිව්වා අම්මා අන්න අයියා කියලා. ඒ ගමන්ම ඉස්පිරිතාලෙට ගෙනාවා. ඒත් ඒ වෙනකොට පුතා මි’ය ගිහිල්ලා’’ යැයි ඇය හ’ඬමින් පැවසුවාය.

( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here