මව්පියන්ගේ අකමැත්තෙන් විවාහ වූ පුතුට අපූරු පාඩමක්

0

තම පුතු මව්පියන්ගේ අකමැත්ත මත විවාහයක් කර ගැනීමට වි’රෝධය දැක්වමින් නිවසට ඇතුළුවන දොර වසා දැමීම නිසා අලුතගෙනා මනමාලිය සමග තමාට ඉහළ මහළයේ ඇති කාමරයට ඉනිමගකින් යාමට සිදු ව ඇතැයි අම්පාරේ තරුණයකු උහන පොලිසියට පැ’මිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා ඇත.

තමා සහ බිරිය උඩුමහලේ ජීවත් වන අතර ඊට නිවසේ පිටතින්  ඇතුළුවීමට පඩිපේලියක් නැතැයි ද මව පියා සහ සහෝදරියන් තිදෙනා නිවසේ ප්‍රධාන දොරට අගුලු දමාගෙන සිටින බව ද එම තරුණයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

තමාට සහ බිරියට නිවසින් එළියට යාම සඳහා ප්‍රධාන දොර විවෘත කර තබන්නැයි මව්පියන්ට බ’ල කරන්නැයි ද එම තරුණයා පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

30 හැවිරි මෙම තරුණයා  උහන පදිංචිකරුවකු වන අතර කලක් විදේශ ගතව රැකියාවක් කළ අයකු බවද පසුගිය අගෝස්තු මාසයේ විවාහ වී ඇතැයි ද පොලිසිය කියයි.

මුහුණු පොතෙන් දැන හඳුනාගත් බදුල්ලේ තරුණියක සමග විවාහ වී ඇත්තේ මව්පියන්ගේ දැ ඩි වි’රෝධය මැද්දේ බව ද පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here