අවුරුදු 31ක රත්මලානේ වෛද්‍යවරියක් කොවිඩ්වලින් ජී’විතක්ෂයට

0

කොවිඩ් නිව්මෝනියා රෝගි තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිද අවයව අ’කර්මනය විමෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි වෛද්‍යවරියක් මි’යගොස් ඇත.

මෙලෙස මි’යගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි යට්ටොවිට ටරින්දි දිල්ෂිකා විතානගේ (31) නැමති වෛද්‍යවරියකි.

මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදි අගෝස්තු මස 23වෙනිදා ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින් PCR පරික්ෂණයක් සිදුකර ඇති අතර එම පරික්ෂණ ප්‍රථිපල අනුව මෙම වෛද්‍යවරියට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

පසුව එම වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිට රෝගි තත්වය උ’ත්සන්නවිම නිසා පුද්ගලික රෝහලක දැ’ඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

රෝගී තත්ත්වය තවත් උ’ත්සන්න වීම හේතුවෙන් පසුව එම වෛද්‍යවරිය ඉකුත් සැප්තැම්බර් මස 02 වැනිදින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ප්‍රතිකාර ලබාදිම සදහා කරාපිටිය රෝහලට රැගෙන විත් ඇත.

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 22 වැනි දින පස්වරුවේ දි මෙම වෛද්‍යවරිය මි’යගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here