ඉපැරැණි ශෛලමය චෛත්‍යය මිටියෙන් ග සා කු’ඩුකරයි… නිධන් හොරු නිදැල්ලේ!

0

විහාර ගෙය සහ සංඝාවාසය පසු කර පියවර කීපයක් ඉදිරියට ගමන් කළ පසු ඇස ගැටෙන්නේ සියුම් ඉසියුම් කැටයම් සහිත සඳකඩපහණය. ඒ අභියසින් ආරම්භ වන ශෛලමය පිය ගැට පෙළ නිමාවට පත්වන්නේ සියවස් ගණනාවක් ඉපැරණි ශෛලමය චෛත්‍ය පිහිටි වැලිමළුව අසලින්ය. වැලි මළුව මත සිට බැලූ විට ඉන් මදක් එපිටින් වැඩ සිටින බෝධීන් වහන්සේ දැක බලා ගත හැක. ඊට තරමක් ඉහළින් පිහිටි භූමිය තරමක විශාලත්වයකින් යුත් ලෙනක් සහිත ගල් තලාවකින් සමන්විතය. ඉතිහාසය විසින් සනාථ කර සිටින කරුණු වලට අනුව එම ගල් ගුහාව කලක් වීදිය බණ්ඩාර කුමරුන්ට සෙවණ දුන් ස්ථානයක්ය.

අගලවත්ත මැතිවරණ කොට්ඨාශය පිහිටා ඇති මෙම විහාරස්ථානය කලකට ඉහත හඳුන්වා ඇත්තේ පොල්ගම්පළ ශ‍්‍රී ශෛලචෛත්‍යාරාම පුරාණ විහාරස්ථානය නමින්ය. විහාර ඉතිහාසයේ සඳහන් වන ආකාරයට පසු කලෙක විහාරස්ථානය මුල් කරගනිමින් පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ වන අතර එතැන් සිට එය හඳුන්වනු ලබන්නේ පොල්ගම්පල වික‍්‍රමශීලා පිරිවෙන් විහාරස්ථානය යනුවෙන්ය.

ඉපැරැණි ශෛලමය චෛත්‍යය මිටියෙන් ගසා කුඩුකරයි... නිධන් හොරු නිදැල්ලේ!

ප‍්‍රදේශයේ පවතින අනිකුත් විහාරස්ථාන හා සසඳන කල මෙම විහාරස්ථානය පෞරාණික වටිනාකම් අතරින් ඉහළම ස්ථානයක් හිමිකර ගත් පුදබිමක්ය. නම් ඒ අතරින් ඉපැරණි ශෛලමය චෛත්‍යයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්ය. සියවස් ගණනාවකට එපිට ඉදිකරන ලද චෛත්‍යය කපා ඔප දමන ලද අලංකාර කැටයමින් යුත් කළු ගලින් නිර්මිතය. මෙරට දාගැබ් කලාවේ විශිෂ්ටත්වය මැනවින් ප‍්‍රකට කරන එම ඉදිකිරීම හැරුණු කොට කළු ගලින් නිම කරන ලද දොලොස් මහ පහනක් සහ මලසුනක් එම ස්ථානයේ දී දැක බලා ගෙන පහන් සිත් උපදවා ගත හැක. දාගැබ් කලාව පිළිබඳ ්විද්වත් ප‍්‍රාමාණිකයන්ගේ මතය බවට පත්ව ඇත්තේ කළු ගලින් නෙලන ලද මෙවැනි නිර්මාණ දේශීය වශයෙන් දැකබලා ගැනීමට හැකි විහාරස්ථාන ඇත්නම් ඒ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පමණක් බවය.

රිදුම් උපදින්නේ එවැනි වටිනාකම් සහිත ඉපැරණි ශෛලමය චෛත්‍යය මේ වන විට අත්ව ඇති ඉරණම සියැසින් දකින විටය. කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් සිදුකරන ලද එම විනාශය හේතුවෙන් චෛත්‍ය ගර්භයේ අභ්‍යන්තර කොටස අහසට නිරාවරණය වී ඇත. එහි තැන්පත් කොට තිබෙන්නට ඇතැයි විශ්වාස කරන ඉපැරණි නිධන් වස්තූන් හොරු පැහැරගෙන ගෙන ගොස් ඇත. කොත් වහන්සේ පැත්තකට කර සිදුකර තිබෙනව විනාශය හේතුවෙන් චෛත්‍ය ගර්භයට හානි සිදුවී ඇත. චෛත්‍ය ගර්භය අහසට නිරාවරණය වන්නේ එතැන් සිටය. ධාතු ගර්භය මේ වන විට මුළුමනින්ම වැසි දියෙන් පිරී ඇත. එබැවින් මෙම ඉපැරණි ශෛලමය චෛත්‍යයේ මතූ පැවැත්ම ද දැඩි අනතුරකය.

ඉපැරැණි ශෛලමය චෛත්‍යය මිටියෙන් ගසා කුඩුකරයි... නිධන් හොරු නිදැල්ලේ!

කඩා බිඳ දැමීම හේතුවෙන් ගරා වැටීමට ලක්ව ඇත්තේ ජාතිය සතු අනුලංඝනීය උරුමයක්ය. කරුමය නම් තවදුරටත් එය ආරක්ෂා කරගැනීම පිණිස ගත යුතු කුමන හෝ ක‍්‍රියාමාර්ගයක් ගැනීම පිණිස විහාරාධිපති හිමියන්ට හෝ දායක සභාවට නීතිමය අවසර අහිමි වීමය. චෛත්‍යයේ යම් එම ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් වේ නම් ඒ සඳහා බලය හිමිව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. ගැසට්ටුවක් මගින් ඒ බව තහවුරු කොට ඇත. ඒ නියමයන්ට යටත්ව මෙම ඉපැරණි චෛත්‍යය ‘‘කබලා” ගැනීම සහ සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වුවත් සිද්ධියෙන් අනතුරුව එම ස්ථානයට පැමිණෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් චෛත්‍යක සිදුව ඇති හානිය ‘‘දැකබලා” නැවත පිටව ගොස් ඇත. එතැන් මේ දක්වා මාස පහක පමණ ගත වී ඇතත් සිදු කළ ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් නැත.

චෛත්‍යය හොරු කැඞීම සහ මෙම කල් මැරීම පිළිබඳව අදහස් දක්වන පොල්ගම්පල වික‍්‍රමශීලා පරිවේණාධිපති ක `එතර දිස්ති‍්‍රක සහ පස්දුන් කෝරළයේ ප‍්‍රධාන සංඝනායක කවයන්කුලමේ විපස්සි හිමිපාණන් සඳහන් කර සිටින්නේ සිද්ධිය සම්බන්ධව උන්වහන්සේ විසින් පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවත් කොතැන හෝ සිදුවූ වරදක් හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු මෙන්ම බිඳ දමා ඇති චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු දිනෙන් දින ප‍්‍රමාද වෙමින් පවතින බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති හිමියන්.

ඉපැරැණි ශෛලමය චෛත්‍යය මිටියෙන් ගසා කුඩුකරයි... නිධන් හොරු නිදැල්ලේ!

‘‘අපේ විහාරස්ථානය කියන්නේ මේ පළාතට තියෙන පැරණිම විහාරස්ථානයක්. මහාවංශයේ පස්වන පරිච්ෙඡ්දයේ මේ ස්ථානය පිළිබඳව සටහන් වෙලා තිබෙනව. ඊට අමතරව මේ චෛත්‍යය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරනව නම් අපේ රට තුළ තනිකරම කළු ගලෙන් කරන ලද චෛත්‍යය කීපය අතරින් එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ඒ කාරණයත් මේ ස්ථානයේ පවතින පෞරාණික බවත් සලකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශේෂ ගැසට් පත‍්‍රයක් මගින් විහාරස්ථානයේ පිහිටි චෛත්‍යය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බාරයට අරගත්ත. එදා ඉඳලා චෛත්‍යයේ සියම් ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් කරනව නම් ඒ බව කල්තියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕන.

ඒ අනුව කටයුතු කරල තමයි පහුගිය අපේ‍්‍රල් මාසේ විහාරාධිපති හිමියන් ලෙස මම ඒ අයට කතා කරල කිව්වේ චෛත්‍යය පෙද පාසි බැඳිලා තියෙන හින්දා හෝදන්න ඕන කියලා. ඒ ඉල්ලීම් අනුව තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් පිරිසක් අපේ‍්‍රල් මාසේ එක්තරා දවසක පන්සලට එන්නේ. දවස් තුනක් ඒ කටයුත්තේ නිරත වෙලා හිටපු නිලධාරීන් පිරිස තමන්ගෙ රාජකාරිය ඉටු කරල යන්න හදද්දි මම දැක්කා ?ත්‍යයට නගින්න ආධාරකයක් විදිහට පාවිච්චි කරපු කඹයක් චෛත්‍යයේ කොතට ගැට ගහලා තියෙනව. කඹය ගලවලා යන්නෙ නැත්තෙ ඇයි කියල ඒ නිලධාරීන්ගෙන් මම විමසීමක් කරපු වෙලාවේ ඒ අය කිව්වා චෛත්‍යයේ කඩතොලූ වෙච්ච ස්ථාන කීපයක් තියෙනව ඒව සකස් කරන්න තවත් දින කීපයකින් නැවත එන හින්දා කඹය ගැලෙව්වේ නෑ ඔහොම තිබුණාවේ කියල. එහෙම දවස්

ගණනාවක් ගත වුණා. ඔය අතරේ එක්තරා දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් සමඟ තවත් පුද්ගලයෙක් පන්සලට එනව. ඔහු රැකියාව කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. ඉඩමක් සම්බන්ධව කතා කරගන්න කියල පන්සලට එන ස්වාමීන් වහන්සේ සහ මේ පුද්ගලයා එදා ? අපේ පන්සලේ නතර වෙනව. ඔය අතරේ ඊට ආසන්න දවසක නැවත එක්තරා පුද්ගලයෙක් විහාරස්ථානයට ඇවිත් තියෙනව. ඒ පුද්ගලය එන්නේ යතුරුපැදියෙන්. ඒ ආපු පුද්ගලයා යතුරුපැදිය විහාරස්ථාන භූමියේ නතර කරල චෛත්‍යය පැත්තට යනව දකින පන්සලේ වැඩ කරන පුද්ගලයෙක් ඔහුට කියල තියනව ලොකු හාමුදුරුවෝ ආවාස ගෙයි ඉන්නව හාමුදුරුවන්ට කතා කරලා යන්න කියල. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. ඔහු කෙලින්ම

ගිහින් තියෙන්නේ චෛත්‍ය තියෙන පැත්තට. ඒ ගිහින් ටික වෙලාවක් ඉඳල ආපහු මේ පුද්ගලයා යනව. ඒ සිද්ධියෙන් දවස් කීපයක් ගත උනාට පස්සෙ තමයි අපේ‍්‍රල් මාසයේ පසළොස්වක පෝය උදාවෙන්නේ…”

‘‘එදා සිල් සමාදන් වීම පිණිස විහාරස්ථානයට ආව උපාසක උපාසිකාවන් පිරිසක් තමයි චෛත්‍යයේ උඩ කොටස කඩා දාලා කියල මුල්වරට දකින්නේ. ඒ අය ඇවිත් මට කිව්වට පස්සේ මම ඒ ස්ථානයට ගිහින් බලද්දි මේ විනාශය දැක ගන්න ලැබුණා. ඊට පස්සේ මේ විනාශය පිළිබඳව මීගහතැන්න පොලීසියට පැමිණිලි කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වරකාගොඩ පිහිටි කලාප කාර්යාලයටත් දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් විහාරස්ථානයට ආවා. පරීක්ෂණ ආරම්භ කළා. එතනදී ඒ වෙනකම් සිදුවෙච්ච හැම සිද්ධියක් ගැනම මම පොලිසියට කිව්වා. පොලිස් නිලධාරි මහත්වරු ඒවා සටහන් කර ගත්තා. පුරාවිද්‍යාවෙන් ආපු නිලධාරීන් පිරිසත් මේ දේවල් සටහන් කරගත්තා. අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නම් කියල තමයි ඒ අය ආපසු යන්න ගියේ.

නමුත් දැනට මාස පහක් වෙනවා. පොලිසියවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මේ වනතුරු කිසිම ක‍්‍රියාමාර්ගයක් අර ගත්තෙ නෑ. හොරු ඇල්ලීම කෙසේ වෙතත් චෛත්‍යයට සිදු කරල තියෙන හානිය දැකලා ඊට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු කරන්නවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තාම බැරි වෙලා තියෙනව. ඒ විතරක් නෙවෙයි. පොලිස් පරීක්ෂණ වලට වෙච්ච දෙයක් නෑ. අපේ රටේ පෞරාණික උරුමයන්ට අත්වෙන ඉරණම මේක නම් ඒක ලොකු කනගාටුවට කරුණක්. පුරාවිද්‍යා උරුමයක් කියලා ගැසට් පත‍්‍රයක් මගින් නම් කරලා තියෙන පුරාවස්තුවකට හෝ පූජනීය වස්තුවකට යම් හානියක් වෙනවනම් ඒක ප‍්‍රතිසංස්කරණය කරන එක දෙපාර්තමේන්තුව සතු වගකීමක්. ඒ දේවල් අනාගත පරපුරට දැකබලා

ගන්න ලැබෙන්නේ එහෙම කළොත් පමණයි නමුත් අපේ විහාරස්ථානයේ ඉපැරණි ශෛලමය පිළිම සම්බන්ධව සිද්ධිය හොයලා බලලා ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්න පොලීසියටවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටවත් තාමත් පුළුවන්කමක් ලැබිලා නෑ.

රුවන් ජයවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here