පිරිත් අසමින් සිටි වත්හිමි රජුටත් ජීවිතය අහිමි කළ කුරුණෑගල වැවේ අ’ද්භූත රන් තලියට මොකද වුණේ?

0

ඇතුගල, වයඹ පුරවරයේ අභිමානවත් සංකේතය ලෙසයි සැලකෙන්නේ.කුරුණෑල නගර සීමාවේ සිට නුවර පාරට සමාන්තරව දීර්ඝ ප්‍රදේශයක් පුරා පැතිර යමින් අභිමානවත් අයුරින් අහස් කුස සිඹින මේ මහා ගිරිශිඛරය දෙස් විදෙස් කා අතරත් අතිශය ජනප්‍රියයි. කුරුණෑගල කිව්වාම නොදන්න බොහෝ දෙනෙක් ඇතුගල් පුරය කිව්වාම දන්නවා වෙන්නත් පුළුවන්.

හැබැයි මේ ඇතුගල්පුර රාජධානි සමූහයකට නෑකම් කියන සුවිශේෂ පුරවරයක්. ඉතින් ඒ නෑකම් සබඳකම් අතරේ ඉතිහාසය හා බද්ධ වුණු බොහොමයක් කතා පුවත් අදටත් ජනප්‍රවාදයේ පවතිනවා. එවැනි කතාවක් සැඟවුණු තැනක් තමයි කුරුණෑගල වැව. එහෙමත් නැත්නම් අතීතයේ භාවිත කළ ආකාරයට රන්තලිය වැව. මේ වැව හා බැඳුණු ජනප්‍රවාද රාශියක් තවමත් ලක්වැසි ජනතාව අතර නොනැසී පැවත එනවා. ඒ අතරින් විශේෂ කතාවක් තමයි වත්හිමි රජුට දිවි අහිමි කළ අ’ද්භූත රන් තලිය හා වැව අතර සබැඳුණු අපූරු කතාව.

අක්කර 150ක් පුරා පැතිර ඇති රන්තලිය වැව අතීතයේ දැනට වඩා විශාලව තිබී ඇති බවටත් මතයක් තිබෙනවා. එකල වැවෙහි පිටවාන තිබී ඇත්තේ අද ගැට්ටුවාන නමින් හඳුන්වන ප්‍රදේශයක බවයි සැලකෙන්නේ. එමෙන්ම වැවෙහි එක් කෙළවරක් සාරගම වැවෙහි වැව් බැම්මට යාබදවත්, අනෙක් කෙළවර මාලිගා පිටිය ක්‍රීඩාංගණය පවතින භූමිය දක්වාත් විහිදී තිබී ඇති අතර, අද වන විට එම ප්‍රමාණයන් අඩුවෙමින් අක්කර 150ක ප්‍රමාණයකට සීමාවී තිබෙනවා.

තුන්වැනි බුවනෙකබාහු හෙවත් වන්නි බුවනෙකබාහු රජු රජකම් කළ යුගයේ එනම් 1326 සිට 1335 දක්වා කාලයේ ඔහු විසින් කුරුණෑගල වැව තනා ඇති බවයි වංශකතාවල සඳහන් වන්නේ. කෙසේ නමුත් දීර්ඝ ඉතිහාසයක් පුරා රාජකීය රහස් සඟවාගෙන සිටින මේ මනරම් වැවට රන්තලිය වැව ලෙසින් නම් ලැබුණු ආකාරය ගැන ජනප්‍රවාදයේ එන කතා පුවත් අතර විශේෂිත කතාවකි මේ.

වංශකතා රචකයන්ට මඟහැරුණු හෝ මඟහැරීම මත වංශකතාවලට එක් නොවූ රජ කෙනකුද ඇතුගල්පුරයේ රාජධානි කළ බව ජනප්‍රවාදයේ එයි. ඒ රජුගේ නම පිළිබඳ නිසි තොරතුරු නැතත් රජුට යෝනක දේශයෙන් ගෙන ආ පරිවාර බිසවක් සහ අග බිසවක් වූ බව ජනප්‍රවාදයේ එයි. මෙම බිසෝවරුන් දෙදෙනාගෙන් අගබිසවට කාලිංග නමින් පුත් කුමරකු සිටි අතර පරිවාර බිසවගේ පුත් කුමරුට වත්හිමි ලෙස නම් තබා ඇත.

කෙසේ නමුත් මේ කාලයේ රජු තවත් රජ කෙනකු සමග සටනකට ගොස් ඇති අතර එම සටනින් රජු ජය ගත්තත් මාලිගයට එම පුවත විකෘති කර දැනුම්දීමට කු’මන්ත්‍රණකරුවකු ක්‍රියා කර ඇති හෙයින් රජුගේ බිසෝවරු විරාගලින් පැන දිවි තොරකරගෙන ඇත.

මේ මොහොතේ පුත් කුමරකු මාලිගයේ මෙහෙකාර කාන්තාවක විසින් නාවමින් සිට ඇති අතර, එම කාන්තාව කුමරුගේ ආරක්ෂාව පතා කුමරුද රැගෙන සිය ගමට පැ’නගොස් ඇත. රජු ඇතුළු පිරිස පැමිණ සිදුවූ විනාශය දැක ඔවුන්ද විරාගලින් පැන දිවි තොර කරගෙන ඇති හෙයින් වත්හිමි කුමරුගේ පමණක් දිවි බේරුණු බව ජනප්‍රවාදයේ එයි.

පසුකාලීනව වත්හිමි කුමරුද සිය නෑයන් සිටින බේරුවල ප්‍රදේශයට ගොස් ශිල්ප හදාරා පසුව කුරුණෑගලට පැමිණ සිට උරුමය වූ රජකම ලබා පාලන කටයුතු කරගෙන ගොස් තිබේ.

වත්හිමි රජුට පාලන බලය ලැබුණේ මහ අමුතු කාලයකය. හිටි හැටියේ කුරුණෑගල වැවෙන් රන් තලියක් උඩට මතුව නොපෙනී යන්නට පටන්ගන්නේ ඔය කාලයේය. මෙය නම් අපූරු හාස්කමකි. එමෙන්ම නිධානයක් යැයි සිතූ රජු මෙම නිධානය ගන්නට පිඹුරුපත් සැකසුවේ තමා දන්නා කියන ඇමැතිවරුන්ද සම්බන්ධ කර ගනිමිනි.

රජුගේ ආශාව සහ කැමැත්ත නිධානය ලබාගැනීම පමණක්ම වූ හෙයින් එය රැගෙන දෙන්නකුට වටිනා තෑගි බෝග ලබාදෙන්නටද පොරොන්දු විය. ඒ සඳහා නන් දෙසින් ය’න්ත්‍ර ම’න්ත්‍රකරුවන් පැමිණියේය. එහෙත් දිනෙන් දින රන් තලිය ලබාගැනීමේ සිහිනය කල් ගියේය. බලාපොරොත්තු කඩවීමේ ශෝකයෙන් සිටි රජු කිහිප දෙනකුගේ ජීවිතද උ’දුරා ගත්තේය.

තත්ත්වය එන්න එන්නම ද’රුණු වන වග වටහා ගත් ප්‍රභූහු රජු උපායකින් ඝා’ත නය කරවීමට සැලසුම් කළහ. ඒ අනුව සත් දින පිරිත් සජ්ඣායනයක් සිදුකළහොත් නි’ධානය ලබාගත හැකි බවට රජු කැමැති කරවා ගත්තේය.

අවසානයේ රජුට පිරිත් ශ්‍රවණය සඳහා සැකසූ විශේෂ මණ්ඩපයට නොපෙනෙන ආකාරයට රෝද සවිකර සඟවා තබන්නට කටයුතු කළ ප්‍රභූන් පිරිස සත්වැනි දිනයේ පිරිත් අසමින් සිටි රජු මණ්ඩපයත් සමගම ගලෙන් පහළට පෙරළා දැමුවේය.

පිරිත් අසමින් සිටියද කේ’න්තියෙන් මි’යගිය රජු යක්ෂ ආත්මයක් ලබා ප්‍රදේශයේ සියලු ජනයාට පීඩා කළේය.නිතර නිතර වි’පත් කරදර පැමිණවීය. මේ තත්ත්වය හඳුනාගත් ප්‍රදේශයේ ය’න්ත්‍ර ම’න්ත්‍ර කටයුතු දත් ස්වාමින්වහන්සේ නමක් මැදිහත්ව රජු යක්ෂ ආත්මයෙන් මුදාලූ අතර අවසානයේ වත්හිමි රජු ගලේබණ්ඩාර නමින් දේවත්වයට පත්ව ප්‍රදේශයේ ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඇතුගල්පුරයට අරක්ගත්තේය.

රන් තලිය මතුවන වැව ලෙස කා අතරත් ප්‍රසිද්ධ වූ කුරුණෑගල වැව, රන්තලිය වැව ලෙසත්, පසුව රන්තාලිය වැව ලෙසත් භාවිත වීමට පටන් ගත්තේය.නිතර නිතර ජලයෙන් ඉහළට මතුවී පෙනුණු රන්තලිය වත්හිමි රජුට දිවි අහිමි කළද රජකුට දේවත්වයට පත්වන්නට වාසනාව ලබාදුන්නේය.

එයින් මතුවටද බොහෝ අවස්ථාවල කුරුණෑගල වැව් ජලය මත හිරු කිරණින් දිලිසෙන රන් තලිය දුටුවෝ වූහ. ඇතැම්හු ඉන් සතුටු වූහ. තවකකු එය ශා’පයක් යැයි සිතා බි’යට පත්විය. ඔය අතරේ වත්හිමි රජු සේම තවත් බොහොමයක් පිරිස් රන් තලියට ලොබ බ’ඳින්නට ඇත. යන්ත්‍ර ම’න්ත්‍රකරුවන් සිය දහස් ගණනක් මේ රන් තලිය ගන්නට සිය මන්ත්‍ර ශාස්ත්‍රවල මන්ත්‍ර තන්ත්‍ර භාවිත කරන්න ඇත. ඒ අතරේ කිසිවකුට නොදැනී රහසේ ජීවිතද අහිමි වන්නට ඇත.

ඒ සියල්ල එසේ සිදුවන අතරේ කඩින් කඩ විටින් විට රන් තලිය පෙනී නොපෙනී යන්නටත් ඇත. ඊට ආශාවෙන් සිටියවුන්ගෙන් කාගේ හෝ ආශාව ඉටුවීද නැද්ද යන්නත් අදද එම රන් තලිය වැව් ජලය මත පෙනී නොපෙනී යනවාද යන්නත් රහසක්ම පමණකි.

අද වෙද්දී වත්හිමි රජුගේ රාජ්‍ය පාලනයෙන් පසු පාලන යුග රාශියක් පසුකරගෙන පැමිණ තිබේ. එහෙත් විවිධාකාරයෙන් වැවෙහි ප්‍රමාණය එහා මෙහා වෙමින් හැඩය වෙනස් වෙමින් භූමිය විශාල වෙමින් වැව කුඩා වෙමින් වර්තමානයේද ඇතුගල අබියස හිඳ ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපයන්නට කුරුණෑගල රන්තාලිය වැව සැදී පැහැදී සිටී. හැබැයි රන් තලිය එහි ඇද්ද නැද්ද යන්න නම් දන්නේ නැත. රන් තලිය ගැන නොදන්නා කෙනෙක් නැති වුවද එයට කුමක් වූයේද යන්න දන්නා කෙනකු නොමැති වීමද ක’නගාටුවකි.

කුමාර රත්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here