ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයාට කකුලක් අහිමිවෙයි

0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බන්දුල වර්ණපුර මහතාගේ එක් පාදයක් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ඒ මහතාගේ ප්‍රතිකාර නොකරන ලද තු’වාලයක් හේතුවෙන් ඇති වූ රෝ’ගී තත්ත්වයන් උ’ත්සන්නවීමත් සමග එක් පාදයක් ඉවත් කිරීමට සිදු වූ බවයි.

මීට දින කිහිපයකට පෙ හදිසි හෘ’දයාබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි.
68 හැවිරිදි බන්දුල වර්ණපුර මහතා මේ වන විට රෝහලේ දැ’ඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.

ඔහුගේ රු’ධිරයේ සීනි මට්ටම ද ඉතා අධික බවට වාර්තා වේ.බන්දුල වර්ණපුර මහතා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ද වේ.

ඔහු කලකදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් අ’නතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලක තනතුරකත් සේවය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here