සුදු කත එක්ක සෙල්ෆි ග’හන්න ගිහින් අ’ම්බානක කන්න වෙලා.

0

විදෙස් කාන්තාවක තමාගේ මිතුරියක යැයි සිය බිරියට පෙන්වීමට ගිය කැමරා ශිල්පියකුට අලි අ’මාරුවක වැටීමට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

විදෙස් යුවළකි. මෙරටට ආවේ ඊයේ පෙරේදාය. ලැගුම් ගත්තේ ඉඳුරුවේය. ලැගුම්ගත් විලා එක අවට වෙසෙන අහිංසක ජනතාව කොරෝනා ව්‍ය’සනයෙන් විඳින අනේකවිද දු’ක්ඛදෝමනස්සයන් ඔවුහු දුටුවහ.

ඔවුන් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් තොගයක් බෙදාදීමට මේ විදෙස් යුවළ කටයුතු කළෝය. එදින සුදු මහත්තයාගේ උපන් දිනය දාය. එදින පවුල්වලට වියළි ආහාර පාර්සල් පිරිනැමිණ. එය සිහිවටනයක් ලෙස සනිටුහන් කර ගැනීම සඳහා කැමරා ශිල්පියකුටද ආරාධනා කළහ. වියළි ආහාර පාර්සල් බෙදාදීම නිමාවිය.

අනතුරුව පැවතියේ පොඩි පහේ පාටියකි. පාටිය පොඩිවුවත් එයට සැර බීම ජාති හොඳ හොඳ කෑම ජාති එක්කර තිබිණි. මේ සඳහා ආරාධනා ලැබූවේ දහයකට අඩු පිරිසකි. ඒ අතර මේ කැමරා ශිල්පියාද සිටියේය.

සුදු යුවළගේ සුදු මිතුරියක්ද ඊට එක්වී සිටියාය. ඇය ඒ අවස්ථාවේ පැමිණ සිටි සියලු දෙනා සමගම ඉතාම කුළුපගව හැසුරුණාය. කැමරා ශිල්පියාටද ඒ හිතවත්කම ඇයගෙන් ලැබුණි.  කැමරා ශිල්පියාට ඉංග්‍රීසි බැරිවුණත් ඔහු අංග චලනවලින් ඇය සමග සුළු කිට්ටු බවක් ඇති කරගෙන සිටියේය.

රෑබෝවෙමින් තිබිණි. සැ’ර බීම බෝතල්ද හිස්වෙමින් පැවතිණි. බැදපු මස් රස බැලූ කැමරා ශිල්පියාට බීමද සැ’රටම හිටියේය තමාට විදෙස් මිතුරියක් සිටින බව සිය බිරියට පෙන්වීම හොඳ යැයි ඔහුට සිතෙන්නේ මේ අල්ලපනල්ලේය.

ඇය සමග එකට සෙල්පි ඡායා රූපයක් ගෙන එය ඔප්පු කළ යුතු යයි ඔහු සිතුවේය. එය ක්‍රියාවට නැංවීමට ඔහු සූදානම් විය. අර සුදු කාන්තාවට නොදන්නා ඉංග්‍රීසි බසින් කතා කරන්නේ ඒ අනුවය. මේ සඳහා  පාටිය පැවති එළිමහනේ සිට විලා එක ඇතුළ පෙන්න පෙන්නා මේ සුදු කතට  එයට යමු යයි ඔහු ආරාධනා කළේය.

සුදු නෝනා එය වැරදියට තේරුම් ගත්තාය. තමාට මේ හාදයා කතා කරන්නේ අ’කටයුත්තකටැයි ඇය සිතුවාය. ඒ නිසාම ඇය තමා සමග සම්බන්ධකම් පවත්වන ලංකාවේ ප්‍රේමවන්තයාට මේ බව කීවාය.

ඔහුට ය’කා නැග්ගේය. තමාගේ විදෙස් කතට අ’නිසි යෝජනාවක් කර ඇතැයි කියමින් ඔහු කැමරා ශිල්පියාට නෙ’ලන්න පැන්නේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. ඒ අවස්ථාවේ රැඳී සිටියවුන් එය වළක්වාලු‍වද එතන සිටි පිරිස් ඔහු පිටුපස දොරෙන්ම නිවෙසට යැවීමට කටයුතු කළහ. රාත්‍රී කෑම වේලද නැතිව ඔහුට එන්නට සිදුවිය.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here