සාදු ආර්ය උත්තමයෙක්..ශුද්ධ ශක්තිය ගබඩා වී තියෙනවා කිව්වා..ගම්පහ කපුවෙක් කළ හ’දියක්

0

අවුරුදු දාසයයි මාස අටක් වයසැති තරුණියක්ව ර’වටා ලිං’ගික අ’තවර කළ කපුවෙකුව ලබන 25 වෙනිදා දක්වා රිමාන්ඞ් බා’රයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා 12 වෙනිදා නියම කලේය.

ගම්පහ සිරිමල් උයන ප‍්‍රදේශයේ උත්පලවන්නා පුදබිම නමින් දේවාලයක් පවත්වාගෙන යන සාධු යන ආ’රූඪ නාමයකින් හැඳින්වෙන 32 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ රි’මාන්ඞ් බා’රයට පත් කෙරුණි.

අ’පල දෝ’ෂ දුරුකර ගැනීම සඳහා මව ඇතුළු ඥාතීන් පිරිසක් සමග සැ’කකරුගේ දේවාලයට ගොස් ඇති තරුණිය එම දේවාලයේ සකස් කරන කොවිඩ් ම’ර්දන බෙහෙත් වට්ටෝරුවක් සැකසීමට උදව් කර පසුව එසේ උදව් කිරීම සඳහා නැවත ගිය අවස්ථාවකදී සැ’කකරු තරුණියව රවටා ලිං’ගික අ’තවර කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි

ගම්පහ පොලීසියේ න’ඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරීක්ෂිකා පියදර්ශනී සේනාරත්න සහ සැරයන් බාලසූරිය (49998) යන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

සාධු කේන්ද්‍රය බලා ඇඟේ කායික ශක්තිය දු’ර්වලයි කියා පැවසුවා.සාධු ආර්ය උත්තමයෙක්. ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කිව්වා.

එවැනි පුද්ගලයකු තරුණියක් වැළඳ ගත් විට ඇයට ශක්තිය ලැබී ජීවිතය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන බවත් පෘථග්ජන පුද්ගලයන්ට මෙන් සාධු වැනි අයට රා’ග සිතක් පහළ නොවන බවත් පවසා සිටියා.

සාධුගේ නිදන කාමරයට පැමිණ ඔහුගේ පාද දනිස් මසාජ් කර දෙන ලෙස කිව්වා.සාධු ආර්ය උත්තමයකු නිසා මම එම කටයුතු සඳහා සාධුගේ නිදන කාමරයට ගියා.

මට කාමරයේදී ලිං’ගික අ’තවර කරන්න හදන්න ආ විට මම ඊට අකමැති වුණා.සාධු ආර්ය බලයෙන් මාව පො’ළඹවා ගත්තා යැයි වි’න්දිත තරුණිය පොලිසියට ප‍්‍රකාශ ලබාදී ඇතැයි ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here