ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක්

0

මුදලට වඩා මනුෂ්‍යකම වටිනා බව යතුරු පැදි කාර්මික ශිල්පියකුගෙන් ඉගෙනගත් ගුරුවරයකු පිළිබදව අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ.

ගුරු විදුහල්පති වැටුප් වි’ෂමතාව ත’දේටම ඉහට ගත් ගුරු දෙවියකි. ඒ නිසාම සිය පාසලේ දරුදැරියන්ට ඔන්ලයින් ඉගැන්වීම ද නතර කළේ ගුරු සංගම් ගෙන ගිය වැටුප් වි’ෂමතා වි’රෝධයට සහය දැක්වීමටය.එහෙත් තමාගේ උපකාර පන්තියට එන සිසුන් සඳහා මේ ගුරු දෙවියා ඔන්ලයින් ඉගෙන්වීම සිදු කළේය. ඒ මුදලටය.

මේ ළඟදී දිනයක දී රට විවෘත කිරීමත් සමගම ඔහු සිය යතුරු පැදියෙන් නගරයට ගියේ මුළුතැන් ගෙට අවශ්‍ය අඩුමකුඩුම ටිකක් ගෙන ඒමටය. ඒවාත් රැගෙන සිය නිවෙසට එන අතරමග දී ඔහුගේ යතුරු පැදිය ක්‍රියාවි රහිත වූයේ අ’නපේක්ෂිත මොහොතකය. කර කියා ගන්නට දෙයක් නැතිව සිටි ඔහු දාඩිය මු’ගුරු පෙරාගෙන ඒ ආසන්නයේ තිබූ යතුරු පැදි අලු‍ත්වැඩියා කරන ස්ථානයකට සිය යතුරු පැදිය තල්ලු‍ කරගෙන ගියේය.

එහි සිටි යතුරු පැදිකාර්මික ශිල්පියා දන්නා වැඩ දමා යතුරු පැදිය යළි සක්‍රීය කළේය.. ඒ වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව ගුරු දෙවියා යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් ඇසුවේය. ඔහු කියූ ගාණ ගෙවීමට ඔහු අත මුදල් නොවූයේ ගෙන ආ මුදලින් කලින් බඩු රැගෙන තිබූ නිසාය.

‘‘හරි වැඬේනේ බාස්උන්නැහේ මා ළග එච්චර මුදලක් මේ වෙලාවේ නැහැනේ’’ යයි ගුරු දෙවියා කීවේ තමන් කවුද කියා දන්නා බව ද යතුරු පැදි කාර්මික ශිල්පියාගෙන් විමසමිනි. හා ‘‘ඔව්, ඔව්, මම දෙවිදිහකට සර් ගැන දන්නවා. එකක් ප්‍රසිද්ධ ගුරුවරයෙක්. අනෙක් කාරණය තමයි මගේ දරුවාගේ පාසලේ මෙන්ම උපකාර පන්තියේ ද ගුරුවරයා ඔබතුමා’’ යයි යතුරු පැදි කාර්මික ශිල්පියා කීවිට මේ ගුරු දෙවියාගේ ඉහේ මලක් පිපිණාමෙන් විය.

රට වහපු කාලයේ අපට රස්සාවත් නැතිවුණානේ. ඒ නිසා අතේ මුදලු‍ත් නැතිව ගියා. සර්ගේ ඔන්ලයින් පන්තියට දෙන්න මුදල් තිබුණෙත් නැහැ. මම ඒ බව කියලා සර්ගේ වට්ඇප් එකට පස්සේ මුදල් දෙන්නම් කියලා පුතාට යවන්න කියලා මැසේජ් කළාම සර් ආපිට මැසේජ් එකක් එවලා තිබුණා දෙන්නම් කාසිවලට වැඩ නැහැ කියලා. ඒ නිසා එදා ඉදලා පුතාට පන්තියත් නැතිවුණා, යයි කීවේ ගුරු දෙවියාට දවල් තරු පෙන්වමිනි.

ඒකට කමක් නැහැ, දැන් සර් ළග සල්ලි නැහැනේ. මේ බයිසිකලය අරගෙන යන්න. පස්සේ සල්ලි ගෙනත් දෙන්න. ක’ලබලයක් නැහැ.

සර් අපි ළඟනම් දෙන්නම් කාසිවලට වැඩ තියෙනවා. මේ ඔක්කෝටම වඩා වටින්නේ මනුෂ්‍යකම යයි ඔහු අතොරක් නැතිව කියාගෙන යද්දී යතුරු පැදිකාර්මික ශිල්පියාගෙන් මනුෂ්‍යකමේ පාඩම ඉගෙන ගත් මේ ගුරු දෙවියා එතනින් ඉක්මනින්ම යතුරු පැදියෙන් ඉගිල ගියේය.

ඒ එක්කම ගිය පයින්ම මුදල් රැගෙන ආ ගුරු දෙවියා යතුරු පැදිකාර්මික ශිල්පියා ඉල්ලූ ගාණටත් වැඩියෙන් මුදල් දුන්නත් ඔහු නියම ගාණ පමණක් ගත්තේ ගුරු දෙවියා ඔහුගේ දරුවාට ආයෙත් තඹ සතයක්වත් නොගෙන නොමිලයේ ඉගැන්වීමට සූදානම් වූ බවට කරන ලද ඉල්ලීම ද කාරුණිකව අහක දමමිනි.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here