විහිළුවේ…තල්ලුව දුරදිග ගොස් පස්දරු පියා මි’යගිහින්

0

වයෝවෘද්ධ පුද්ගලයකු සහ තරුණයකු අතර ඇතිවූ විහිළුවක් දුරදිග යෑමෙන් සිදුවූ ත’ල්ලූ කිරීමකින් පස්දරු පියෙකු මි’යගොස් ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.

මෝදර, එගොඩඋයන 308/2, ලිපිනයේ පදිංචිව සිටි ටී. ඩිල්මන් පීරිස් නමැති ධීවරයකු මෙහිදී මි’යගොස් ඇතැයි පොලිසිය කීය.

71 හැවිරිදි වියේ පසු වූ මි’යගිය තැනැත්තාට වරාය මාවතේදී තරුණයකු විහිළු කර ඇති අතර එය බ’හින් බස් වීමක් දක්වා දුරදිග ගොස් තිබේ. පසුව තරුණයා පිටව ගොස් නැවත පැමිණ ඔහුව ත’ල්ලූකිරීමේදී හිස කාණුවක ගැ’ටී තිබේ.

විහිළුවේ... තල්ලුව දුරදිග ගොස් පස්දරු පියා මියගිහින්

බ’රපතළ තු’වාල සහිතව ත‍්‍රිරෝද රථයකින් පානදුර මූලික රෝහල කරා රැගෙන යෑමේදී මි’යගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.

සැ’කකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එගොඩඋයන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අ’පරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here