අප ජීවත් කළ දරුවා බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගියා..අපි අන්ත අසරණයි.

0

ඇති වූ ක්ලා’න්ත ගතියක් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට 2021.05.10 වන දින ඇතුළත් කළ තරුණයකු බ’ලහත්කාරයෙන් PCR පරීක්‍ෂණ කරද්දී මි’යගොස් ඇත.

මෙසේ ම’රණයට පත්ව ඇත්තේ වැව් ආසිරිගම, නව නගරය, ඇඹිලිපිටිය යන ලිපිනයෙහි පදිංචි ඞී. සුරංග කුමාර නැමැති 39 හැවිරිදි තරුණයෙකි. PCR වර්තාව ද ලබා නොදී මාස හයකට ආසන්න කාලයක් පසු කරමින් මි’යගිය තරුණයාගේ දෙමවිපියන් අ’පහසුතාවට පත්කොට ඇත.

කොරෝනා කියා මෘ’ත ශරීරයවත් ඔවුනට ලබා නොදී පු’ළුස්සා දමා ඇත. පසුව තොරතුරු දැන ගැනීමේ පනතට අනුව, 2021.10.07 වන දින එම පී.සී. පරීක්‍ෂණ වාර්තාව ලබාගෙන ඇත. එහි සඳහන්ව ඇත්තේ කොවිඩි ආසාදිතයකු නොවන බවයි.

මෙම සිද්ධිය පිළිබඳ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ 2021.10.14 දින සී. අයි. බී. 4.39/116 අංකය යටතේ පැ’මිණිලි කර විධිමත් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳ අග‍්‍රාමාත්‍යයවරයාට, සෞඛ්‍ය ඇමැතිවරයාට හා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම්දීමට මි’යගිය සුරංග කුමාරගේ පියා වන දඩල්ලගේ පේ‍්‍රමරත්න මහතා කටයුතු කර ඇත. තම පුතාගේ ම’රණය පිළිබඳ පේ‍්‍රමරත්න මහතා මෙසේ ද පැවැසීය.

අප ජීවත් කළ දරුවා බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගියා... මාස හයක් තිස්සේ පීසීආර් වාර්තාව නොදී රස්තියාදු කරලා

‘‘මියගියේ මගේ බාලම පුතා. එයා කුඩා ව්‍යාපාරයක් කරමින් අපව රැකබලා ගත්තා. 2021.05.10 වන දින සවස ක්ලා’න්ත ගතියක් ඇති වුණා. අපි ඇඹිලිපිටියේ මූලික රෝහලට සවස හයට විතර ඇතුළත් කළා. රාත‍්‍රී 9.00 වන තෙක් කිසිවකුත් පරීක්‍ෂාවක් හෝ ප‍්‍රතිකාර කිරීමක් නොකර දරුවා රෝද පුටුවක තබා තිබුණා. ප‍්‍රතිකාර නොකළ නිසා දරුවා ඉතා අ’මාරුවෙන් හිටියා.

රාත‍්‍රී 9.00 න් පස්සෙ PCR කරන්න ඕන කියලා අ’සාධ්‍ය තත්ත්වයෙන් ඉන්න පුතා හතර දෙනෙකු විසින් අල්ලා ගෙන දඟලද්දි තද කරගෙන බ’ලහත්කාරයෙන් එම සාම්පල ලබාගනිද්දී දරුවා මි ය ගියා.

පසුවදා උදේ මගේ පුතා කොරෝනා රෝගියකු කියා ම’රණ පරීක්‍ෂණ වාර්තාවක් දීලා අපට ම’රණය පෙන්නුවෙවත් නැතුව අරගෙන ගිහිල්ලා නිරෝධානය නීති යටතේ කියලා පි’ච්චුවා.

නමුත් PCR පරීක්‍ෂණ වාර්තාව අපි ඉල්ලූවා. දුන්නේ නැතිව අපි අන්ත අ’සරණභාවයට පත් කළා. රත්නපුරේ යන්න කියනවා, ලබන සතියේ දෙනවා කියනවා, පස්සේ එන්න කියනවා. එහෙම කිය කිය මාස පහ හමාරක් පසු කළා.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2021.10.07 වන දින ඇඹිලිපිටිය රෝහලෙන් PCR පරීක්‍ෂණ වාර්තාව ලබාගත්තා. එහි සඳහන් වෙලා තියෙන්නේ කො’රෝනා ආසාදිතයකු නොවන බවටයි.

මගේ පුතා ම’රණයට පත් වුණේ එදින රෝහලේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්යය මණ්ඩලයේ වගකීම් වි’රහිත ක‍්‍රියා කලාපය හේතුවෙන්මයි. මගේ පුතාගේ මි’යයෑම හේතුවෙන් මා හා මගේ බිරිඳ දැ’ඩි මා’නසික පී’ඩනයට ලක්වෙලා.

අපිව ජීවත් කළේ ඒ දරුවා. අපි දැන් ආර්ථික අ:පහසුතාවටත් පත්වෙලා.එසේම දින 21 කාලයක් අප පවුලේ අය නිරෝධායනයට ලක් කළා. ඒ කාල සීමාවේදී අපට ආහාර පාන පවා ලැබීමක් නැතිව ගියා.

අපේ දු ක සැප බලන්න කවුරුත් ආවේ නැහැ. එයට ප‍්‍රධානම හේතුව මගේ පුතා මි’ය ගියේ කොරෝනා රෝගයෙන් බව සමාජයේ පැතිර යෑමයි. මෙම හේතු සැලකිල්ලට ගෙන තවත් මේ සමාජයේ මෙවැනි අ’කාරුණික දේවල් නොවන ආකාරයට අදාළ පිරිසට ද`ඩුවම් දිය යුතු යැයි, කියා මම ත’රයේ කියා සිටිනවා.

කුට්ටිගල දම්මුල්ලේ – සේන වී. ගමගේ (දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here