ට්‍රැක්ටරය මත සිටි දරුවාව ගසෙන් පැමිණි ම’රුවා රැගෙන යයි.

0

හොරොව්පොතාන  මොරවැව ප්‍රදේශයේ හේනක නවතා තිබූ රෝද හතරේ ට්‍රැක්ටරයක රියදුරු අසුනේ වාඩිවී සිටි දාහතර හැවිරිදි සිසුවෙකු ගේ හිස මතට ඒ ආසන්නයේ ගි’නි ගනිමින් තිබූ කෝන් ගසක් අද (16) දහවල් ක ඩා වැ’ටීමෙන් බ’රපතළ තු’වාල ලැබූ සිසුවා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මි’යගොස් ඇතැයි හොරොව්පොතාන පොලීසිය කියයි.

මෙලෙස මි’යගොස් ඇත්තේ හොරොව්පොතාන දුටුවව ප්‍රදේශයේ පදිංචි, දුටුවැව මහා විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සුන්දර සේනගේ චම්පික සුන්දර සේන නැමැති සිසුවෙකි.

මි’යගිය සිසුවා සිය ඥාති සොහොයුරෙකු ගේ ට්‍රැක්ටරයක නැගී අද (16) උදෑසන මොරවැව හේන් යායට පැමිණ ඇත්තේ සී සාන ආයුරු බලා සිටීමට බව පොලිසිය කියයි. ඔවුන් සමඟ තවත් ට්‍රැක්ටරයක් ද ඒ මොහොතේ එම හේන් යායේම සීසාමින් තිබී ඇති අතර එම ට්‍රැක්ටරයෙ කාර්මික දෝ’ෂයක් හටගෙන තිබිණි.

පසුව මි’යගිය සිසුවා ගේ ඥාති සොහොයුරා ද තම ට්‍රැක්ටරය අසල තිබූ කෝන් ගසක් ලග නවතා කාර්මික දෝ’ෂය ඇති වූ ට්‍රැක්ටරය පරික්ෂා කිරීමට ගොස් ඇති බවත් ඒ මොහොතේ මි’යගිය සිසුවා ඥාති සොහොයුරා පැදවූ ට්‍රැක්ටරයෙ රියදුරු අසුනට නැග වාඩි වී සිට ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය  කියයි.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ඒ අවස්ථාවේදී ට්‍රැක්ටරය ආසන්නයේ තිබු දින ගණනක් ගි’නිගෙන වැ’ටීමට ආසන්නව තිබූ කෝන් ගස සිසුවා ගේ හිස මත’ට වැ ටී ඇති බවය.

අ’නතුරෙන් බ’රපතල තු’වාල ලැබූ සිසුවා සුවසැරිය ගිලන් රථයකින්  රෝහලට පිටත් කිරීමට ඒ මොහොතේ එම ස්ථානයේ සිටි පිරිස කටයුතු කර තිබුණත් පසුව ඔහු මි ය ගොස් තිබුණි

සිසුවාගේ සිරුර මේ වන විට හොරොව්පොතාන මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත්වරයාගේ පැමිණීමෙන් පසු ස්ථානිය ම’රණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටරයෙ රථයේ රියදුරු අත්අඩංගුට ගෙන ඇති අතර ඔහු හෙට(17) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පැතුම් දර්ශන ( ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here