කුලියාපිටියේ ඩෙඟා නැටූ හාදයා අත්අඩංගුවට

0

පිහියක් ඉණේ ග’සාගෙන මුහුණු ආවරණ නොපැළ`ද බස් නැවතුමේ ආපන ශාලාවල බීම බෝතල් පොළොවේ ගසා බි`ද දමමින් අ’ශෝභන අන්දමින් හැසිරුණ අයකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිසිය ඊයේ (21) කටයුතු කළේය.

කුලියාපිටිය බස් නැවතුමේ බී’මත්ව අ’ශෝභන ලෙස හැසිරෙමින් සිටි අයෙකුට මගීන් හා ව්‍යාපාරිකයන් මුහුණු ආවරණය පළ`දින්නැයි කළ දැනුම්දීමට ත’දබල ලෙස උ’රණවී අසල තේ කඩවල ඇති බීම බෝතල් බි`දදමමින් ක’ලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව හා පසුව පිහියක් ඉණේ ග’සාගෙන පැමිණ කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කිරීමට කිහිපවරක් තැත්කළ බව කියමින් එම ස්ථානයේ සිටි පිරිස කුලියාපිටිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට පත්විය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here