පත්තෑයකු ද’ෂ්ට කළ මාස දෙකේ බිළිඳා නිදි යහනේදීම ම’රුට

0

මූන්දලම දේවාල හන්දිය ප‍්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයකු ද’ෂ්ට කිරීමෙන් ජී’විතක්‍ෂයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය පවසයි.

මෙලෙස අ’වාසනාවන්ත අන්දමින් මි’යගොස් ඇත්තේ මූන්දලම, අගුණවිල, දේවාල හන්දියේ පදිංචිව සිටි මිරිසගේ සිතුම් දිලූම් සචිත‍්‍ර නමැති මාස 2 යි දින 20 ක් වයසැති බිළිඳෙකි.

ම’රණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සමග එකම ඇඳේ නිදාසිට තිබේ. මව අලූයම අවදි වී බැලීමේදී සිය බිළිඳාගේ නිහඬතාව හේතුවෙන් දරුවා ව පරීක්‍ෂා කර ඇත. එහිදී දරුවාගේ වම් අතේ මහපටැඟිල්ලේ සිට උරහිස දක්වාත්, පිට පුරාත් සතකු සූ රා ඇති අයුරු දක්නට තිබී ඇත. දරුවාගේ ශරීරයද සීතල වී තිබූ බැවින් එම දෙමාපියන් වහාම බිළිඳාව මූන්දලම රෝහලට ගෙන යනු ලැබූහ.

එහිදී බිළිඳාව පරීක්‍ෂා කර ඇති වෛiවරුන් බිළිඳා මි’යගොස් ඇති බව දෙමාපියන්ට පවසා තිබේ.අනතුරුව බිළිඳාගේ පියා නිවසට පැමිණ බිළිඳා නිදා සිටි ඇඳ පරීක්‍ෂා කර බැලීමේදී එහි තරමක් විශාල පත්තෑයකු සිටියදී හමුවී තිබේ.

මි’යගිය බිළිඳාට දෙපසින් ඔහුගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා ඇඳේ නිදා සිට ඇතත්, එම වැඩිමහල් සොයුරියන් දෙදෙනාගෙන් කිසිවකුටත් එම පත්තෑයා ද’ෂ්ට කර නැතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

මි’යගිය බිළිඳාගේ පශ්චාත් ම’රණ පරීක්‍ෂණය හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වික‍්‍රමාරච්චි මහතා විසින් සිදු කරනු ලැබීය.

මේ පිළිබඳව පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප‍්‍රදීප් (79661) වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ අමරනන්ද විජේසේන – මහවැව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here