ඇඹිලිපිටියෙ ඉදල කොළඹ ඇවිත් රසරිසි ගී කරල ජනප්‍රිය උන නාරද

0

නාරද බක්මීවැව කියලා කියන්නේ නිවේදන ක්ෂේත්‍රයේ තුළ තමන්ටම ආවේනික අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් විශාල ප්‍රේක්ෂක පිරිසකගේ හදවත් දිනාගත් දක්ෂ නිවේදකයෙක්. ඔහුට ඇති දක්ෂතාවය නිසාම නිවේදන ක්ෂේත්‍රයේ අස්සක් මුල්ලක් නෑරම අතපත ගාන්නට හැකි දැනුමක් ඔහු සතු වෙලා තිබුණා.

Thanuja Jayawardana on Twitter: "A good friend with the same metal disorder #narada&thanuja #rasarisigee… "

කුඩා කාලයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ හැදී වැඩෙන නාරද පාසල් අධ්‍යාපනය සඳහා කොළඹ ප්‍රදේශයට එනවා. මූලික අධ්‍යාපනය සඳහා නුගේගොඩ හයිලන්ඩ් කොලේජ් එකට බැඳෙන නාරද ඊට පසු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉගෙනුම ලබන්නට අවස්ථාව හිමිකර ගන්නවා.

ඉගෙනීමට දක්ෂතාවයක් දැක්වූ ඔහුට හැකියාව ලැබෙනවා සරසවි අධ්‍යාපනය ලබන්න. මූලිකවම ගණිතය විෂයන් වලට නැඹුරු වෙලා හිටියත් වැඩිපුරම බාහිර ක්‍රියාකාරකම් ආශ්‍රිත කලාව පැත්තට නැඹුරු වෙන්නත් ඔහු තුළ  කැමැත්තක් තිබිලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි කලා විෂය විෂය ධාරාව හදාරලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා ජනසංනිවේදනය ඉගෙන ගන්න ඔහුට අවස්ථාව උදා වුණේ.

ඒ වගේම මීට අමතරව නිස්කෝ වීඩියෝ එකට ගිහින් රූපවාහිනි මාධ්‍ය කලාව ඉගෙන ගන්නත් ඔහු තීරණය කරා.  මුලින්ම නිවේදකයෙක් විදිහට  ඉන්ටවිව් ගියත් කිසිදු කැඳවීමක් එදා එතනින් ඔහුට කළේ නැහැ. පසුව නිමල් ලක්ෂපතිආරච්චි මහත්මයාගේ ටෙලිග්‍රෑම් එකක් ආවා නැවත වතාවක් ඉන්ටවිව් එකට සම්බන්ධ වෙන්න කියලා. එතැන් පටන් ඔහුට අවස්ථාව උදා වුණා රූපවාහිනිය සමඟ එකතුවෙලා වැඩසටහන් මෙහෙයවන්න.

May be an image of 1 person and outdoors

ඔහුත් එක්කම හිටපු අනිත් නිවේදිකාව තමයි තනුජා කියලා කියන්නේ. මේ දෙන්නා එකට එකතු වෙලා තමයි විවිධ වැඩසටහන් ඉදිරිපත් කළේ. ඒ වැඩසටහන් අතරෙන් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්තු වැඩසටහනක් තමයි රස රිසි ගී වැඩසටහන කියලා කියන්නේ. ඒ පිළිබඳව නාරද අදහස් දැක්වුයේ මේ ආකාරයෙන්.

Narada Bakmeewewa - JungleKey.in Image

ඒ යුගය වන විට රූපවාහිනිය හරහා නිවේදන කලාව තුළ තිබූ රාමු අපට වෙනස් කර ගැනීමට හැකිවුණා. රසිකයෝ මේ වැඩසටහන වේගයෙන් වැලඳගත්තා ඔවුන්ගේ ඉල්ලීම් අදහස් යෝජනා ලියුම් ගෝනි ගණනින් ලැබෙන්න පටන් ගත්තා. රටේ හැම ප්‍රදේශයකින්ම රසිකයෝ අපිට කතා කරන්නත් අපිව මුණ ගැහෙන්නත් පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් නොහිතපු විදියට ජනප්‍රියත්වයක් තමයි ලැබුණේ.

ඉතින් ඔහු ඒ ආකාරයෙන් තමයි  රස රිසි ගී වැඩසටහන හරහා ලැබුණු ප්‍රේක්ෂක ආදරය පිළිබඳව සඳහන් කළේ. ඒ වගේම තමයි ජීවිතයේ සුන්දරම කාලේ වර්ෂ 1997  දී රස රිසි ගී වැඩසටහනත් එක්ක ඇරඹුණ කාලය කියලා නාරද ප්‍රකාශ කළා.

මේ සොඳුරු නිවේදකයා නිරන්තරයෙන් පුංචි තිරයෙන් අපිට දැකබලා ගන්නට නොහැකි වුනත් මේ වන විට ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා ඔහු විවාහ වෙලා ආදරණීය පුතුන් දෙදෙනෙකුගේ පියෙක් වෙන්නත් වාසනාව ලැබුණා. ඉතින් රස රිසි ගී වැඩසටහන හරහා බොහෝ දෙනෙක් පින වූ මේ සොඳුරු කලාකරුවා ගේ ඉදිරි ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here