ප’දම වැඩිවෙලා බඩුමල්ලත් අරන් අල්ලපු ගෙදරට ගිහින්

0

හො’ර ති’ප්පොළකින් ම’ත්වූ පුද්ගලයකු වෙ’රිමත නිසාම වි’කල්වූ සිහියෙන් තම ගේ යැයි සිතා ත’රහකරුවකුගේ නිවසකට ගොඩවැදීමෙන් සිදුවූ අ’කරතැබ්බයකි මේ.

කුරුවිට අවට ගම්මානයක පදිංචි මොහු කුලී වැඩවල යෙදී උපයන දෛනික වැටුපෙන් හරි අඩක්ම වැය කළේ ම’ත්වතුරටය.

මොහුගේ මේ ක්‍රියාකලාපය නැවැත්වීමට දීග ආ දිනයේ සිටම බිරිඳ ගත් සියලු උත්සාහයන් සඵල නොවූ තැන ඇයට ක’රබාගන සිටීමට සිදුවිය. කෙසේ වෙතත් හො’ර ති’ප්පොළට පොලිසියෙන් පැන මොහු කො’ටු වූ කීප අවස්ථාවකම ඔහුට ඇ’ප ලබාදී බේරාගැනීමට සිදුවූයේද ඇයටය.

මෙදිනද කුලී වැඩක නිරත වූ ඔහු කෙළින්ම ති’ප්පොළට ගොස් ම’ත්වී අනතුරුව කඩයටද ගොස් නිවසට වුවමනා බඩුද රැගෙන ආපසු එන්නට පිටත්වූවද දැ ඩි වෙ’රිමත නිසාම ගමන ප්‍රමාද වී රෑ බෝවෙමින් තිබිණි.

හ’තරගාතෙන් පැමිණි මොහු, මැණිකෙ මං ආවා යයි කියමින් නිවසේ දොරට තට්ටු කළේය. මෙසේ කීප වරක් තට්ටු කරද්දී ඇරුණු දොරෙන් ගෙට රිංගූ මොහු බඩුමල්ල රැගෙන කුස්සියට යාමට සූදානම් වෙද්දි එය වළක්වාලූ ගෙහිමි කත ඔහුව යාන්තම් ඉස්තෝපුවට ඇ ද දැම්මේ තම සැමියාගේද අත්උදව්වෙනි.

ඇගේ ගා’ලගෝට්ටිය ඇසුණු අසල්වාසි පුද්ගලයකු මේ බව බී’මත් පුද්ගලයාගේ බිරිඳට දැනුම්දීමෙන් පසු ඇයද පැමිණියේ ය’ක්ෂා වේ’ශයෙනි. සිදු වූ ල’ජ්ජාව ඇයට ඉවසාගත නොහැකිවූයේ තම සැමියා නිවස යැයි සිතා ගොඩවී ඇත්තේ තමන් සමග අ’මනාපයෙන් පසුවන අයකුගේ නිවසට බව දැනගැනීමෙන් පසුවය.

අසල්වැසියකුගේද උදව්වෙන් තම සැමියා වත්තන් කරගෙන නිවසට පැමිණි ඇයට සැමියා බඩුමල්ලක් රැගෙන ආ බව දැනගැනීමට ලැබී ඇත්තේ පසුදින උදේ වෙ’රිමත සිඳුණු සැමියා ඒ ගැන පැවසීමෙන් පසුය. කෙසේවෙතත් තවමත් බඩුමල්ල ගැන නම් ආරංචියක් නැත.

( ශ්‍රියන්ති බණ්ඩාර – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here