ස’ම්බාහන මධ්‍යස්ථානයකට ගොස් මුදල් නොගෙවා ප’ලාගිය කහතුඩුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තලංගම පොලිසිය වෙත භාර දී තිබේ.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ තලංගම ප්‍රදේශයේ පිහිටි ස’ම්බාහන මධ්‍යස්ථානයකට ගොස් ස’ම්බාහනය කරගෙන ඇති බවත් ඉන් පසුව මුදල් ඉල්ලීමේදී මධ්‍යස්ථානයේ සේවකයෙකට ප’හරදී මුදල් නොගෙවා ප’ලාගොස් ඇති බවත් තලංගම පොලිසිය සඳහන් කරයි.
මොවුන් මුදල් නොගෙවා ප’ලායාමේදී ස’ම්බාහන මධ්‍යස්ථානයේ සේවකයින් මොවුන්ව ලු’හුබැද පැමිණි අවස්ථාවේදී මොවුන් කොට්ටාව පොලිසියට ඇතුළු වී ඇත.
ඒ අනුව සේවකයින් කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයාට මේ බව දැනුම් දීමෙන් පසු මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
සැ’කකරුවන් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
( එෆ්.අස්ලම් – අරුණ පුවත්පත )