සුරූපී තරුණියන්ගේ පහස නොමිලේ ලබා නොදීම නිසා කෝ’පයට පත්ව තලංගම ප්රදේශයේ ස’ම්බාහන ආයතනයක කළමනාකරුට අ’මානුෂික ලෙස ප’හරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ඇතුළුව සිව් දෙනකු තලංගම පොලිසිය මගින් ඊයේ (25 දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැ’කකරුවන් සිව්දෙනා කඩුවෙල අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇ’පමත මු’දාහැරීමට කඩුවෙල මහෙස්ත්රාත්වරයා නි’යෝග කර තිබේ.
වි’මර්ශනවලින් හෙළිවී ඇති අන්දමට කහතුඩුව පොලිසියේ කොස්තාපල්වරයකු සහ කොස්තාපල් රියැදුරෙකු ඇතුළු සිව් දෙනකු පෙරේදා (24 දා) සවස තලංගම ප්රදේශයේ ස’ම්බාහන ආයතනයකට ක ඩා වැ දී ඇත.
තමන් පොලිස් නිලධාරීන් බවට හැඳුනුම්පත් පෙන්වමින් මෙම සැ’කකරුවන් ස’ම්බාහන ආයතනයේ සුරූපිනියන්ගේ පහස නොමිලේ ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
එහිදී කළමනාකරු ඊට වි’රෝධය පළ කර ඇති අතර දෙපිරිස අතර ආ’රවුලක් හටගෙන ඇත. පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස ස’ම්බාහන ආයතනයේ කළමනාකරුට අ’මානුෂික ලෙස ප’හරදී ඔවුන් පැමිණි වෑන් රථයේ නැඟී ප’ළාගොස් ඇත.
මේ සම්බන්ධයෙන් ස’ම්බාහන ආයතනයේ කළමනාරු කොට්ටාව පොලිසියට පැමිණිලි කර ඇති අතර සැ’කකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන පසුව තලංගම පොලිසිය වෙත භාරදී තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට එ’රෙහිව පොලිස් දෙපාර්තමේන්තුව මඟින් වෙනම වි’මර්ශනයක් පවත්වාගෙන යයි.තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හේමන්ත රන්දුණු