සැමියා පැමිණ 44 හැවිරිදි අ’නියම් බිරිඳ රැගෙන ගියැයි සො’වින් 22 තරුණයා දිවි තො’රකර ගනී

0

වයස අවුරුදු 44 ක සිව් දරු මවක සමග මාස 5 ක් දීග කෑ 22 හැවිරිදි තරුණයෙකු පෙරේදා (24) ස්වාමියා පැමිණ බිරිඳව රැගෙන යාම නිසා සි’ත්තැවුලට පත්ව එදින රාත‍්‍රියේම තම දිවි තොර කරගෙන මි’යයාමේ ශෝ’කජනක පුවතක් කන්තලේ පොලිසියෙන් වාර්තා වේ.

සිද්ධිය සැකෙවින් මෙසේ ය. තරුණයා මව හා පියා නොමැතිව සිය ආච්චි ලඟ වෙසෙන කුලී කරමින් ජීවත් වන්නෙකි.මීට කලකට පෙර හෙතෙම කුලී වැඩ සඳහා කුච්චවේලි ප‍්‍රදේශයට ගොස් ඇති අතර එහිදී මෙම 44 හැවිරිදි කාන්තාව සමග අ’නියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇත.

කෙසේ හෝ සම්බන්ධය බොහෝ දුර දිය ගොස් ඇති අතර අවසානයේ සිව් දරු මව සිය වැඩිමහල් දරු තිදෙනා හැරදමා වයස අවුරුදු 1 1/2 ක් පමණ වූ දරුවාද සමග තරුණයා සමග කන්තලේ නිවසට පැමිණ ඇත.

ඉන්න හිටින්නට හරි හමන් ගෙයක් දොරක් නැති අන්ත අ’සරණ අයුරින් ජීවත් වන තරුණයා සමග මෙම මව මාස 5 ක් පමණ එකට ජීවත්වී ඇත.

ඒත් පෙරේදා (24) හිටිගමන් ඇයගේ නියම ස්වාමිපුරුෂයා පැමිණ සිව්දරු මව රැගෙන ගොස් ඇත. සිද්ධියට මුහුණ දුන් තරුණයා සි’ත්තැ’වුලෙන් බොහෝ සේ කල්පනා කරමින් සිට රාත‍්‍රි 8 ට පමණ සිය නිවස ඉදිරිපිට ඇති කොස් ගසේ අත්තක මෙය සිදුකරගෙන ඇත.

කන්තලේ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක මහතාගේ උපදෙස් පිට විවිධ පැ’මිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ඩබ්.එම්.එස්.ඒකනායක මහතාගේ නිරීක්ෂණය මත පොලිස් සැරයන්වරුන් වන ලියනගේ (26959) ජයසිංහ (61586) යන නිලධාරීහු වැඩිදුර ප’රීක්ෂණ මෙහෙයවති.

කන්තලේ ඩබ්.එම්.වික‍්‍රමසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here