තමන්ගේම පාසලේ සිසුන් අ’පයෝජනය කළැයි සිරිසුජාත හිමිගේ වැඩ ත’හනම්

0

තමා සේවය කරන පාසලේ අධ්‍යාපනය ලබන බාල වයස්කාර පිරිමි දරුවන් සිව් දෙනකුට ලිං’ගික අ’පයෝජන සිදු කළ බවට අධිකරණය හමුවේ චෝ’දනා ලබා සිටින පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වන ගිරිතලේගම සිරිසුජාත හිමියන්ගේ රාජකාරි වැඩ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් නිමල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ත’හනම් කොට තිබේ.

ඒ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ලබා දුන් විශේෂ නි’යෝගයකට අනුවය. ඒ අනුව රාජකාරි වැඩ ත’හනම් කිරීමත් සමග සිරිසුජාත හිමියන් සේවය කළ පාසලට සහ පාසල් භූමියට ඇතුළුවීමද ඒ හිමියන්ට ත’හනම් කර ඇත.

මෙලෙස රාජකාරි වැඩ ත’හනම් කර ඇත්තේ සිරිසුජාත හිමියන් සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන මූලික වි’මර්ශනයට හා ඉන් අනතුරුව පවත්වනු ලබන විධිමත් විනය ප’රික්ෂණයට යටත්වය.

එමෙන්ම මෙම රාජකාරි වැඩ ත’හනම් කිරීමට අනුව වැඩ ත’හනම්ව සිටින කාලය තුළ සිරිසුජාත හිමියන්ට වැටුප් හෝ කිසිදු දීමනාවක් රජයෙන් ගෙවනු නොලැබේ.

සිරිසුජාත හිමියන්ගේ රාජකාරි වැඩ තහනම් කළ යුතු බවට වි’මර්ශන අතුරු වාර්තාවක් මගින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ත්‍රිපුද්ගල වි’මර්ශන කමිටුවක් මගින් නිර්දේශ කර සති හතරකට ආසන්න කාලයක් ගත වුවද ආණ්ඩුකාරවරයා නි’යෝග කරන තුරු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඒ හිමියන්ගේ රාජකාරි වැඩ ත’හනම් නොකිරීම පිළිබඳ ගුරු සංගම්වල දැ’ඩි දෝ’ෂ දර්ශනයට ලක් විය.

තමා සේවය කරන පාසලේම බාල වයස්කාර පිරිමි දරුවන් සිව් දෙනකු අ’පයෝජනය කර ඇති බවට චෝ’දනා කරමින් පොලොන්නරුව කොට්ඨාස අ’පරාධ වි’මර්ශන අංශය මගින් සිරිසුජාත හිමියන් අත්අඩංගුවට ගනු ලැබූවේ ඉකුත් අගෝස්තු මස 04 වැනි දිනය.

පසුව උන් වහන්සේ හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතාගේ නි’යෝගයකට අනුව අගෝස්තු 18 දක්වා රි’මාන්ඩ් භා’රයට පත් කර සැප්තැම්බර් 01 වැනිදා දැ’ඩි ඇ ප කො’න්දේසි මත මුදා හරිනු ලැබීය.

සිරිසුජාත හිමියන්ට එ’රෙහිව පොලොන්නරුව කොට්ඨාස අ’පරාධ වි’මර්ශන අංශය මගින් දැනට හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන්ව ගොනු කර ඇති චෝ’දනා පත්‍ර සංඛ්‍යාව හතරකි. බී 892/2021 අංක දරන ඊට අදාළ නඩුව යළි කැඳවීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් මස 10 වැනිදාය.

මූලාශ්‍ර – තිසල් තෙන්නකෝන් -සාලියපුර (අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here