අයිරාංගනී සේරසිංහ අද අපට සිටින ජ්‍යෙෂ්ඨතම නිළිය බවට සැ’කයක් නැත.පසුගිය ජූනි 09 වැනිදා අනූ හතර වැනි විය සම්පූර්ණ කළ ඕ අද රංගනයෙන් මඳකට ඈත්ව සිටින්නේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය නිසාය.
රත්නපුර රටේ මහත්තයා වූ ජෝෂප් හර්කියුලස් මීදෙනියගේ දියණිය වන ඇයගේ මව වයලට් එල්ලාවල, නන්ද එල්ලාවලගේ පියාගේ සහෝදරියකි.
සීයා රුවන්වැල්ලෙන් රාජ්‍ය සභාව නියෝජනය කළ ජේ.එච්.මීදෙනියවේ. ඩී. ආර්.විජේවරධන සහ සර් ප්‍රැන්සිස් මොලමුරේ ඇගේ මාමලාය. මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳ ඇගේ සොයුරියකි. රනිල් වික්‍රමසිංහ ඥාතී සහෝදරයෙකි.
ඇය අයිරාංගනී සේරසිංහ වූයේ වින්ස්ටන් සේරසිංහ සමග විවාහවූ පසුවය. පළමුව ගුරුවරියක් වූ අයිරාංගනී සේරසිංහ පසුව ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනයක වූවාය. කලා උපාධිධාරිනියක් වන ඈ චිත්‍රසේනයන්ගෙන් නර්තනය උගත්තාය.
1952 දී ‘ද ලවර් ඩෙප්ත්ස්’ හි රඟමින් වේදිකාවට පිවිසි ඕ එක්වූ පළමු සිංහල වේදිකා නාට්‍ය වූයේ හෙන්රි ජයසේනගේ ‘අපට පුතේ මඟක් නැතේ’ය. 1956 දී ‘රෙඛාව’ තුළින් සිනමාවටත් 1980 දී යශෝරාවයෙන් රූපවාහිනියටත් පිවිසි ඕ පසුගිය වසරේ කොරෝනා වසංගතයෙන් රට වෙළා ගන්නා තුරු රඟපෑවාය.
‘මට දීර්ඝායුෂ නම් පතන්න එපා..” යනුවෙන් ඇය කළ ප්‍රකාශයක් පසුගිය දිනක සමාජ මාධ්‍යයේ සංසරණය වන බැවින් ඒ පිළිබඳ විමසීමට අප ඈ ඇමතුවෙමු.
“ඇත්ත…මට කතා කරන අයට මම කියනවා දීර්ගායුෂ නම් ප්‍රාර්ථනා කරන්න එපා කියලා.. වයසට යද්දී ඉන්න ආස නැහැ යන්නයි බලන්නේ. ඉතින් දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවාට කැමැත්තක් නැහැ.”ඇයි ඒ..අප ඇසුවෙමු.“මම ආසා නැහැ එච්චර කාලයක් ඉන්න.. වයස කියන්නේ හරිම ක’රදරයක් අනේ..”
ඒ වුණාට තවමත් රඟපෑම් කටයුතු කරනව නේදැයි අප අසද්දී “ මේ දවස්වල නම් රඟපාන්නේ නැහැනේ..කොරෝනා නිසා ගිය අවුරුද්දේ ඉඳලා මොකුත් කළේ නැහැ..”නිතර රඟපෑම් කටයුතුවලට නිවසින් බැහැරව ගිය ඇය මේ දිනවල නිවසේම කාලය ගත කරන්නීය. ඇය ඒ ගැනද අදහස් දැක්වූවාය.
මට දැන් ඇඟට හුඟක් අ’මාරුයි.වැඩිපුරම ඇඳේ තමයි ඉන්නේ..පුතා මාව හොඳින් බලා ගන්නවා. මට හිතවත් ළඟම කීප දෙනෙක් ඉඳලා හිටලා ඇවිත් දු ක සැප බලා යනවා. එහෙම එන්න යන්නත් බැහැනේ මේ දවස්වල. අවස්ථාවක් ලැබුණොත් ඉදිරියේදී රඟපානවා. චිත්‍රපට හැදෙන්නෙත් නැහැනේ.
( අරුණ )