රත්‍රං තොගයක් සමග CID ට භා’රවූ දෙමටගොඩ චමින්දගේ සොහොයුරා (VIDEO)

0

ම’රණ ද’ඩුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් අද (29) අ’පරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නී’ති වි’රෝධී වත්කම් සහ දේපළ වි’මර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුදල් වි’ශුද්ධිකරණ ප’නත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගේ අධි සුඛෝපභෝගී මෝටර් රථ 04ක් සහ රත්‍රං කිලෝ එකහමාරක ප්‍රමාණයක්ද එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම වැ’ටලීමේදී සිය භා’රයට ගත්තේය.

ඉන්දියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පසුගිය අප්‍රේල් 10 වනදා එරට මුහුදු සීමාවේදී හෙ’රොයින කිලෝ 300ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී අත්අඩංගුවට ගත් අයගෙන් සිදුකළ ප්‍’රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම ම’ත් කු ඩු තොගය මෙරටට රැගෙන එමින් තිබූ බවය.

අනතුරුව ඉන්දීය බලධාරීන් විසින් ඒ පිළිබඳ මෙරට ම’ත්ද්‍ රව්‍ය නා’ශක කාර්යංශය වෙත දැනුම්දීමෙන් පසුව ඔවුන් මෙරටදී පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍ර’ශ්න කිරීම් සිදුකර තිබුණි.

එම සැ’කකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පොලිසිය පැවසුවේ අදාළ ම’ත් ද්‍රව්‍ය තොගය දෙමටගොඩ රුවන් ට රැගෙන එමින් තිබූ ඒවා බවය.

ඒ අනුව රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන්ගේ දෙමටගොඩ, වේලුවන ටෙරසය ප්‍රදේශයේ පිහිටි නිවසට අද පෙරවරුවේ අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නී’තිවි’රෝධී වත්කම් සහ දේපල වි’මර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණියේය.

ඒ මුදල් වි’ශුද්ධිකරණ ප’නත යටතේ නී’ති වි’රෝධී ම’ත්ද්‍රව්‍ය ජා’වාරමෙන් මුදල් උපයා ගැනීමේ චෝ’දනාව යටතේ ඔහු සහා ඔහුගේ දේපළ සිය භා’රයට ගැනීම සඳහා ය.

ඒ අනුව ඔහුගේ නිවසේ තිබී රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්, සහ නවතම BMW වර්ගයේ මෝටර් රථ දෙකක් පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබීය.

එමෙන්ම නිවසේ තිබූ රත්‍රං කිලෝ එකහමාරක පමණ ප්‍රමාණයක් ද සිය භා’රයට ගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් විසින් අදාළ දේපල මිලදී ගැනීමේදී මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලියකියවිලි නී’ති වි’රෝධී ඒවා බැවින් ඔහුව සහ දේපළ සිය භා’රයටගත් බවද අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නී’ති වි’රෝධී වත්කම් සහ දේපළ වි’මර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

ඒ අනුව අදාළ රත්‍රං භාණ්ඩ සහ අධි සුඛෝපභෝගී මෝටර් රථ අද එම කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

සැම්කකාර දෙමටගොඩ රුවන් හෙට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here