විමල්ලා ගම්මන්පිලලා එළියට ගියොත් සජබෙන් 12ක් ආණ්ඩුවට..ආණ්ඩුවේ අලුත්ම සැලැස්ම.

0

විමල් වීරවංශ උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 12ක් ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත්වන බවට ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩුවට සහාය පල කරන අතර හේශා විතානගේ හා චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන්ගේ නම්ද පසුගිය දිනවල ආණ්ඩුව හා එක්වනු ඇතිබවට මාධ්‍ය වාර්තා වල පලවී තිබිණි.තවත් මන්ත්‍රීවරුන් 9දෙනෙකු මෙසේ ආණ්ඩුවවට සහාය පලකිරීමට එකගතාවය පල කර ඇත.

දැනටමත් සමගි ජන බලවේගය සමග කලකිරී සිටින සුළු ජාතීන් නියෝජනය කරන නායකයකු රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති අතර ආණ්ඩු පක්ෂ ප්‍රබලයකු සමග හෙට දින සාකච්ඡාවක් පැවත්වීමටද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here