දෙමටගොඩ රුවන් දුන් ජීප් රිය භාරදෙන්න..කොළඹ දේශපාලන හිමිනමකට නි’යෝග.

0

දෙමටගොඩ රුවන් කු’ඩු ජා’වාරමෙන් උපයා ගත් මුදලින් මිලදීගෙන කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක නමගිය නායක හිමිනමකට ලබාදී තිබූ රුපියල් කෝටියකට ආසන්න ජීප් රථයක් වහාම භාර දෙන්නැයි අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම හිමිනමට දැනුම් දී ඇත.

මේ අනුව එම ජීප් රථය අද (1 වැනිදා) දින අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන බව විහාරාධිපති හිමියන් දැනුම් දී තිබේ.

දේශපාලන තීන්දු තීරණ ගන්නා ප්‍රමුඛ පෙළේ විහාරස්ථානයක් වූයෙන් තම පුතු මීළඟ මැතිවරණයකට ඉදිරිපත් කිරීමට හා දැනට ම’රණීය ද’ඬුවම නියමවී ඇති දෙමටගොඩ චමින්දට ජනාධිපති සමාව ලබාගැනීමේ අරමුනෙන් මෙම විහාරයට මාස දහයකට පෙර වෙසල් වර්ගයේ ජීප් රථය භාරදුන් බව දෙමටගොඩ රුවන් හෙළිකර ඇත.

මේ අ’පරාධකරු රටේ පක්ෂ විපක්ෂ දේශපාලන ප්‍රබලයන් බලයට රැගෙන ඒම සඳහා විවිධ අවස්ථාවල රුපියල් කෝටි ගණනින් වියදම් කර ඔවුන් සමග සමීප සබඳතා ගොඩනගාගෙන තිබිණි.

එමෙන්ම රටේ දේශපාලනයට සම්බන්ධ බලවත් හිමිවරුන්ට ද පිරිකර ලෙස අලුත්ම වාහන පූජාකර ඔවුන්ගේ ආවරණය ද සිය ජා’වාරමට ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇති බව හෙළි වී තිබිණි.

දේශපාලන තීරක බ’ලයක් සිය පන්සල කේන්ද්‍රකරගෙන මෙහෙයවන කොළඹ බල ප්‍රදේශයට අයත් අතිශය දේශපාලනික පන්සලක බ’ලවත්ම නායක හාමුදුරුනමක් පරිහරණය කරමින් සිට තිබුණේ මෙම ජා’වාරම්කරු විසින් අලුතින්ම මිල දී ගෙන ලබා දුන් හොන්ඩා වෙසල් වර්ගයේ රථයකි.

මේ වනවිට සිදුකරමින් ඇති ප්‍’රශ්නකිරීම් වලදී නගර සභා චන්දවල සිට ජනාධිපතිවරණ, මහ මැතිවරණ දක්වා, කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඉහළම දේශපාලන බලවතුන් වෙනුවෙන් මේ ජා’වාරම්කරු කළ වියදම් මෙන්ම ඔවුන්ගෙන් ලබා ගත් රැකවරණය සම්බන්ධව සියලු තොරතුරු ඔහු චකිතයකින් තොරව මේ වන විට හෙළිකරමින් සිටින බව පැවසේ.

එමෙන්ම තමන් විසින් න’ඩත්තු කළ පොලිසියේ ඉහළම නිලධාරීන් මෙන්ම යු’ද හමුදාවේ නිලධාරීන්ගේ නම් ලයිස්තුවක් ඔහු විසින් ප්‍රකාශ කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.

මේ හෙ’ළිදරව්වීම් හේතුවෙන් කොළඹ දේශපාලන බලවතුන් කීපදෙනෙක් දැ ඩි ති’ගැස්මකට ලක් වී ඇතැයි කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here