දුර්ලභ සංචාරක පක්ෂියෙකු වන විශාල ප්‍රමාණයේ පැස්තුඩුවෙකු ඊයේ (01) උදෑසන ආණමඩුව කොට්ටුකච්චිය ජලාශය ආසන්නයේ දී අ’නතුරකට ලක්ව පියඹා යාමට නොහැකිව වැ’ටී සිටියදී ප්‍රදේශවාසීන් දැක පුත්තලම වනජීවි නිලධාරින්ට දැනුම් දීමට කටයුතු කර ඇත.
මෙම පක්ෂියාගේ එක් පියාපතක් අඩි තුනකට වැඩි අතර පියාපත් දෙකම අඩි හයකට වැඩිය. පක්ෂියාගේ හොට අඩියක් පමණ වීම විශේෂත්වයකි.
ජලාශ තුළ සිටින මත්ස්‍යයින් ආහාරයට ගැනීමේ සුවිශේෂී හැකියාවක් සතුව පවතින මෙම පක්ෂීන් වසරේ අවසන් මාස කීපයේදී මෙරටට පැමිණෙන බවත් මෙවැනි විශාල ලෙස වැඩුණ පක්ෂීන් කලාතුරකින් දැකිය හැකි බව වනජීවී නිලධාරීන් සදහන් කරයි.
වනජීවි නිලධාරීන් මෙම පක්ෂියා නිකවැරටිය වනජීවි ප්‍රථිකාර ඒකකයට යොමු කිරීමට කටයුතු කර තිබුණි.
වසර අවසාන මාස වල මෙරටට පැමිණෙන පැස්තුඩුවන්ගේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.