අධික වේගයෙන් ආ වාහන දෙකකට ය’ටවී මුන්දලම ට‍්‍රැපික් ඕඅයිසීට බ’රපතලයි

0

මුන්දලම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මාර්ගයේ ගමන් ගත් වාහන දෙකකට ය’ටවී බ’රපතළ තත්ත්වයෙන් ප‍්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත්තේ උප පොලිස් පරීක්ෂක ආර්. බණ්ඩාර නම් නිලධාරියෙකුය.හෙතෙම පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුත්තලම – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මුන්දලම පොලීසිය ඉදිරිපිට රථවාහන රාජකාරී සිදු කරමින් සිටි මුන්දලම පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් අධික වේගයෙන් ධාවනය වන වාහන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර මෙම අ’නතුර සිදුවී තිබේ.

Open photo

හලාවත දෙස සිට අධික වේගයෙන් පැමිණ කුඩා ලොරි රථයක් නවත්වන ලෙසට උප පොලිස් පරීක්ෂකවරයා සංඥා කර ඇති අතර ලොරි රථ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව උප පොලිස් පරීක්ෂකවරයාවද ය ට කරගෙන ගොස් තිබේ.

එම ලොරි රථය පසුව ඉදිරියෙන් පැමිණ ඇති මෝටර් රථයක වැ දී නැවතී ඇත. මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වාහන දෙකේම වැදී තු’වාල ලබා මුන්දලම රෝහලටත් එතනින් හලාවත මහා රෝහලටත් ඇතුළත් කර ඇත.

මෙම අ’නතුරට සම්බන්ධ වාහන 02 පොලිස් බා’රයට ගෙන ඇති අතර,ඒවායේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.මුන්දලම පොලීසිය රථවාහන අංශය සිද්ධිය පිළිබදව වැඩිදුර වි’මර්ශණ කටයුතු සිදු කරණු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here