පකිස්තානෙට ජය

0

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ නැමීබියාව සහ පාකිස්තානය අතර පැවැති තරගය ලකුණු 45කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම (02) සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට ප’හරදීමට තීරණය කළේය.

ඒ අනුව, පාකිස්තාන කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 2ක් දැ වී ලකුණු 189ක් රැස් කළේය.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 70ක් රැස්කළ අතර මොහොමඩ් රිස්වාන් නොදැ’වී ලකුණු 79ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 144ක් පමණි.

එහිදී දකුණු නැමීබියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රේග් විලියම්ස් ලකුණු 40ක් රැස් කළ අතර ඩේවිඩ් වීස් නොදැවී ලකුණු 43ක් රැස් කළේය.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් හසන් අලි, ඉමාඩ් වසීම්, හරිස් රවුෆ් සහ ෂඩාබ් ඛාන් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here