විහාර භුමියේ නිදන් කැණීමේ සිද්ධියක් සම්බන්ධව සැ’කපිට අත්අඩංගුවට පත්ව ර’ක්ෂිත බ’න්ධනාගාර ගතව සිටි පදවිය පරාක්රමපුර රාජපොකුණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පනලිය අරියරතන හිමියන් හදිසියේ අපවත් වී ඇත.
ඉකුත් 01 වැනිදා හදිසි රෝ’ගී තත්ත්වයක් නිසා අනුරාධපුර බන්ධනාගාරයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (2දා) උදෑසන අපවත් වූහ.
අපවත් වනවිට අසූ වැනි වියේ පසුවූ උන්වහන්සේගේ දේහය මේවනවිට අනුරාධපුර ශික්ෂණ මහා රෝහලේ මෘ’ත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දේහය පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කොට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි තහහුරු කිරීමෙන් අනතුරුව දායක පිරිසට ලබාදීමට නියමිතය.