ත්‍රීවීලරයකින් රවුම් ගැ’සු යුවළ රියැදුරු ම’ත්කර වාහනය උ’ස්සලා

0

ජාඇල නගරයේදී දුර හයර් එකක් යන මුවාවෙන් ත්‍රීවීල් රථයකට ගොඩවැදි අතර මගදි සිසිල් බීමක් ලබාදී රියැදුරා සි’හිසුන් කොට මහමගට ඇ ද දමා ත්‍රිරෝද රථය පැ’හැරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

මෙසේ සැ’කපිට අත්අඩංගුවට ගනු ලැබුවේ කඩවත පදිංචි තරුණ යුවළකි.

ජාඇලදී හලාවතට යාමට අවශ්‍ය බව පවසා තම ත්‍රීවිලරයට ගොඩවුණු සැකකරුවන් පළමුව හලාවතටත් එතනින් පුත්තලමටත් අනතුරුව කුරුණෑගලටත් ගමන් ගනිමින් සිටියදී තඹුත්තේගමුවේදි තමුන්ට සිසිල් බීම බෝතලයක් බීමට දුන් බව පමණක් තමාට මතක බව පැමිණිල්ල ඉදිරිපත් කළ ත්‍රිවිල් රියැදුරාගෙන් ප්‍ර’ශ්න කිරීමේදි අ’නාවරණ වූ බව ජාඇල පොලිසිය පවසයි.

තමා දඹදෙණිය ප්‍රාදේශීය රෝහලේ දින දෙකක් සි’හිමද ගතියෙන් ප්‍රතිකාර ලැබු බවත් තඹුත්තේගම පෙදසේ මහමග වැ’ටී සිටියදී පිරිසක් තමා රෝහලට ඇතුළත් කොට ඇති බවත් රෝහලේදි දැනගන්නට ලැබුණ බවද ත්‍රිවිල් රියැදුරා පොලිසියට ප්‍රකාශ කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැ’කකරුවන්ගෙන් ප්‍’රශ්න කිරීමේදි හෙ’ළිවුණ තොරතුරු අනුව අඟුණකොලපෑලස්ස ප්‍ර‍දේශයේ පදිංචි පුද්ගලකුට අළෙවි කොට තිබූ අදාළ ත්‍රිරෝද රථය ද පොලිස් භා’රයට ගෙන ඇත.

( අරුණ – ටී.කේ. බර්නාඩ් – ජාඇල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here