සපුගස්කන්ද ප්‍රදේශයේ තිබූ ගමන් මල්ලක කාන්තා ම’ළ සිරුරක්.

0

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් කාන්තා ම’ළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.

මෙම ස්ථානයෙන් දු’ඟදක් හමන බවට ප්‍රජා පොලිස් කොට්ඨාසයට ලැබුණු තෙරතුක්මත පොලිසිය පැමිණ සොයාබැලීමේදී එහි සැ’කකටයුතු ගමන් මල්ලක් තිබී ඇත. පසුව එය විවෘත කර බැලීමේදී එය තුළ කාන්තා ම’ළ සි’රුරුක් ඇති බවට දැක ඇත.

මෙම ම’ල සිරුරේ අත්පා ගැ’ට ග සා ඇති අතර එම කාන්තා සි’රුර වයස අවුරුදු 35 – 40 අයකුගේ බවට පොලිසිය සැ’කකරයි.එම කාන්තාව රතුපාට ගවුමක් ඇඳ ඇතැයි ද පොලිසිය කියයි.

මැය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් මේ වන විට එම ස්ථානය කැළණීය කොට්ඨාස අ’පරාධ වි’මර්ශන නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් කැළණීය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ සපුගස්කන්ද පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇතැයි ද ඔහු සදහන් කළේය.

මෙවැනිම ආකාරයේ සිදුවීමක් කොළඹ කොටුවේ වේල්ලවීදියෙන්ද සිදුවූ අතර එලෙස මි’යගිය තරුණියගේ හිස මේ වනතෙක් හමුවී නොමැත.එම සිදුවීම කර තිබුණේ පොලිස් නිලධාරියෙක් විසිනි.

ජායාරූපය – ලංකාදීප.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here