සැමියයි අ’නියම් බිරිඳයි එකතුවෙලා නියම බිරිඳට සි’හිසුන් වෙන්න දීලා

0

ප්‍රසිද්ධියේ සිය අ’නියම් බිරිද සමග සාප්පු සවාරියක නිරතවූ අනුරාධපුරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු නීත්‍යානුකූල බිරියගේ අතටම අසුවීමෙන් පසු ඇය සමග බ’හින් බ’ස්වී නීත්‍යානුකූල බිරිඳට සි’හිසුන් වනතුරුම අ’මා නුෂික ලෙස ප’හ රදී තිබේ.

ඉන්ද නොනැවතී නීත්‍යානුකූල බිරිය මෝටර් රථයට හ’ප්පා තු’වාල කිරීමට උත්සහ කරද්දි පොලිස් නිලධාරියෙකු මැදිහත්වී ඇය බේ’රාගෙන ඇත. මෙය සිදුව ඇත්තේ පෙරේදා (2වැනිදා) සවසය.

අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ ඇති දිවයිනේ ප්‍රසිද්ධ ගෘහ උපකරණ හා විදුලි උපකරණ අලවි කරන ආයතනයක ශාඛාව ඉදිරිපිටදී ප’හරදීම සිදුකර තිබේ.

අ’නියම් බිරිඳත් අ’නියම් සැමියා සමග එක්ව නීත්‍යානුකූල බිරිඳට ප’හරදී ඇත. විශාල පිරිසක් බලා සිටියදී ව්‍යාපාරිකයා සිය තරුණ බිරිදට අ’මානුෂික අන්දමින් එළවා එළවා ප්‍’රහාරය එ’ල්ල කර තිබුණි.

එම ව්‍යාපාරිකයා හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි සුපිරි වෙළඳ ආයතනයට පැමිණ ඇත්තේ අ’නියම් බිරියගේ නිවසට අවශ්‍ය විදුලි උපකරණ කිහිපයක් මිලදී ගැනීමටය.

එම අවස්ථාවේ නීත්‍යානුකූල බිරිඳ අසනීප තත්ත්වයෙන් පසුවන දරු දෙදෙනා සමග ඔවුන්ට අවශ්‍ය කලමනා කිහිපයක් මිලදී ගැනීමට අනුරාධපුර නගරයට පැමිණ ත්‍රිරෝද රථයකින් හරිස්චන්ද්‍ර මාවත ඔස්සේ ගමන් කර තිබේ.

එසේ ගමන් කරද්දී සිය සැමියාගේ මෝටර් රථය අදාළ සුපිරි වෙළෙඳ ආයතනය ඉදිරිපිට තිබෙනු දැක ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කුමන ස්ථානයක සිටින්නේද යන්න විමසා ඇත.

ඒ අවස්ථාවේ ඈත ප්‍රදේශයක ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි බව ඔහු බිරිඳට පවසා තිබෙන අතර ඇය වෙළෙඳ ආයතනයට ඇතුළු වෙද්දී සැමියා අ’නියම් බිරිය සමග අ’ල්ලාප ස’ල්ලාපයේ යෙදෙමින් සුපිරි භාණ්ඩවල මිල ගණන් විමසමින් සිට ඇත.

ඇය එම ස්ථානයට ගොස් සැමියා සමග බ’හින් බ’ස්වීමත් සමග සැමියා ඇයව ගෙ’ලෙන් අ’ල්ලාගෙන ආයතනයෙන් පිටතට රැගෙන විත් ප’හරදී තිබේ.

එය අවස්ථාව කරගත් අ’නියම් බිරිඳත් ඇයට පයින් ප’හරදී හෙමින් සීරුවේ එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත. සැමියා බිරියට සි’හිසුන්වන තුරුම ප’හරදී ඇය බිම වැ’ටුනු පසුව මෝටර් රථයට දරු දෙදෙනා නංවාගෙන ඇත.

සිහිය පැමිණි නීත්‍යානුකූල බිරිඳ අනුරාධපුර ශික්ෂණ රෝහල දෙසට දිව යද්දි මෝටර් රථයෙන් හඹාගිය සැමියා ඇයව රථයට යට කිරීමට අවස්ථා කිහිපයක් උත්සහ කර ඇතත් ඇය ඉන් බේ’රී තිබේ.

ව්‍යාපාරික සැමියා අම්මා ඉල්ලමින් හ’ඬා වැ’ටුණු අසනීප තත්ත්වයකින් පෙළෙන දරු දෙදෙනා මෝටර් රථයේ නංවාගෙන ප’ලා ගිය බව සිද්ධිය ඇසින් දුටු හා සිද්ධිය ජංගම දුරකථනවල පටිගත කරගත් අය පැවසූහ.

( බුද්ධික මහේෂ් – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here