ඌව පළාතේ එක්තරා පොලිස් කොට්ඨාසයක් භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ බිරිය එම කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් වෙත සිදුකරන බ’ලපෑම් හා සූ’රාකෑම් ගැන එම කොට්ඨාසයේ නිලධාරීහු දැ ඩි අ’සතුටට පත්ව සිටිති.
සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ කිහිපයක්ම මෙම පොලිස් කොට්ඨාසයේ පිහිටා ඇති අතර මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙම කොට්ඨාසයේ වැඩ භාරගත්තේ මීට වසර දෙකකට පෙරය.
මෙම උසස් නිලධාරියා යටතේ පොලිස් ස්ථාන දහයකට ආසන්න සංඛ්‍යාවක් පවතී. මොහු තම බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු තමන් හා සම්බන්ධ පොලිස් නිලධාරීන් ගේ රාජකාරි දුරකතන අංක සහ පෞද්ගලික අංක ද බිරිදගේ ජංගම දුරකතනයට ඇතුළත් කර ඇත.
ඒ කිසියම් අවශ්‍යතාවක් ඇතොත් ඔවුන් අමතා අදාළ කටයුත්ත ඉටුකර ගැනීමටය. තම බිරියගේ ඉල්ලීම නොසළකා හරින පොලිස් නිලධාරීන් හට තිත්ත කු’ණුහ’රුපෙන් දෙහි කැ’පීම උසස් පොලිස් නිලධාරියාගේ ආ’වේණිකත්වය වී තිබේ.
මෙම කාන්තාවට ගංකුකුළු මස්, බණ්ඩාරවෙල අල ,උසස් තත්වයේ පවතින එළවළු, පලතුරු ඇතුළු සෑම දේම ගෙන්වා ගන්නේ පොලිස් ස්ථානාධිපතිවරුන් අමතමිනි.
බොහෝ අවස්ථාවලදී පොලිස් ස්ථානාධිපතිවරුන් එම කාර්ය පොලිස් කොස්තාපල්වරයකුට හෝ කනිෂ්ඨ නිලධාරියෙකුට පවරා දෙනු ලබයි.
සැබැවින්ම පොලිසිය සිටින්නේ උසස් පොලිස් නිලධාරිවරුන්ගේ බිරින්දෑවරුන්ට ආ’වතේව කිරීමට දැයි පොලිස් නිලධාරීහු ප්‍ර’ශ්න කර සිටිති.
( එෆ්.අස්ලම් – අරුණ )