අපේ අනාගතේ ට කවුද වගකියන්නේ…ඒ අයට කිසිම ගානක් නෑ

0

වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මා’රක රිය අ’නතුරෙන් ජී’විතක්ෂයට පත්වු එක්දරු පියාගේ ඥාතීන් අද (05) මහබාගේ පොලීසිය ඉදිරිපිට ට රැස්ව සිටියේය.

ඔවුන් පවසා සිටියේ, අ’නතුර ට වගකිව යුතු පාර්ශවයට නීතියෙන් නිසි ද’ඬුවම් ලබාදෙන ලෙසය.

16 හැවිරිදි දරුවෙකු පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ (04) උදෑසන 9.05ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැ’ටී සිදුවු අ’නතුරින් එක් පුද්ගලයෙක් ජී’විතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තු’වාල ලැබීය.

අ’නතුරින් ජී’විතක්ෂයට පත්ව ඇති පුද්ගලයා 51 හැවිරිදි ලී වැඩපොළක සේවකයෙකු වන අතර අනෙක් තිදෙනාගෙන් එක් අයකෙුගේ ද තත්ත්වය බ’රපතළ බව වාර්තා වුණි.

එලෙස බ’රපතළ තු’වාල ලබා ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි පාසල් සිසුවෙක් වන අතර මි’යගිය පුද්ගලයා එම දරුවාගේ ඥාතියෙකි.

මි’යගිය පුද්ගලයාගේ දියණිය “අද දෙරණ” ට මෙලෙස අදහස් පළ කළේය.

“අම්මලා තාත්තලාගේ නොසැලකිලිමත්කම නිසා කරපු දෙයින් මගේ පවුලම අ’සරණයි. මගේ මල්ලිගේ කකුල් අතපය ඔක්කෝම ඉ’වරයි. එයාගේ ජීවිතෙත් එහෙම් පිටින් ම ඉවරයි. ම’රණෙත් එක්ක එයා ස’ටන් කරන්නේ. අද මගේ තාත්තා ම’රණයට පත්වෙලා.

අපේ ඉස්සරහ අනාගතේට කවුද වගකියන්නේ. ඒ අයට කිසිම ගානක් නෑ. නීතිය යටත්පත් කරන්නේ නැතුව මේකහරි විසඳුවොත් හොඳයි. රියදුරු බලපත්‍රයක්වත් නෑ ඒ ළමයට. අන්තිමේ දී අපිට තමයි මේ අ’සාධාරණය වුණේ.

මේකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මගේ තාත්තට වගේ ම අනිත් අයට මීට කලින් අ’සාධාරණ වෙලා තියෙනවා. ඒවත් ඔක්කෝම යටපත් වුණා මිල මුදල් තනතුරු නිසා. මගේ තාත්තට හරි මේ අ’සාධාරණය නොවී අපිට සාධාරණයක් ඉටුකරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

අ’නතුර සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි දරුවෙක් හා එම වාහනයේ හිමිකරු වන පාසල් සිසුවාගේ පියා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

අ’නතුර සිදුවන අවස්ථාවේ දී පාසල් සිසුවාගේ සොහොයුරිය ද මෝටර් රථය තුළ සිට ඇත.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් ඇති අතර, අ’නතුර සිදුවු ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයා පවසා සිටියේ, වාහනය පුතා විසින් රැගෙන ආ බව නොදැන සිටි බවය.

අත්අඩංගුවට ගත් සැ’කකරුවන් අද (05) වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here