දරුවන්ගේ ර’ණ්ඩුවට මැදිහත්වූ වැඩිහිටියෝ මුළු පවුලක්ම ත’ළාපෙලා දමති.

0

ළමා ලොවේ ර’ණ්ඩු සරුවල් කෙටිකාලීනය. ඔවුහු මෙහොතකින් පෙරටත් වඩා හිත මිතුරන් වෙති.වැඩිහිටියන් පොඩි උන්ගේ අ’ඬදබර වලට මැදිහත් වීමෙන් ඒවා බොහෝ දුරදිග යන අවස්ථා ඕනෑතරම් දැක ගතහැකිය.

දෙහිඅත්තකණ්ඩිය වෑබඩගම මහවැලි ගම්මානයේ පාසල් ළමුන් දෙනෙකු අතර ඇතිවු සිද්ධියකට ම’ත්වූ වැඩිහිටියන් පිරිසක් මැදිහත්වීම නිසා අද මව්පිය යුවළක් අන්ත අ’සරණ භාවයට පත්ව සිටිති.

පාසල් වයසේ ළමුන් දෙදෙනෙකුගේ ර’ණ්ඩුවක් දුරදිග යෑමෙන් එක දරුවෙකුගේ හිසට සුළු තු’වාලක් සිදුවී ඇත. අසල්වාසීන් තු’වාල ලැබු දරුවා කඩිනමින් රෝහල්ගතකර ඇත.රෝහල්ගතකළ දරුවා මි’යගිය බවට ලැබුණු සාවද්‍ය තොරතුරක් මත කුපිත වු දරුවාගේ ඥාතීන් අනෙක් දරුවාගේ නිවසට පැන බඩු මුට්ටු කුඩුකර නිවැසියන් සියළුම දෙනාට අමානුෂික ලෙස පහරදී මහ රෑ ගමෙන් පන්නා දමා ඇත.

ප’හර කෑමට ලක්වූ පියා වකුගඩු රෝගියෙකි.මව ඇදුම රෝගී කාන්තාවකි. මෙම ප’හර දීම නිසා මෙම දෙමව්පියන්ගේ රෝගී තත්වයන් උ’ත්සන්න වී අද අන්ත අ’සරණ තත්ත්වයට පත්ව සිටිති.

දෙහිඅත්තකණ්ඩිය, වෑබඩගම පදිංචි එස්. එම්. ජී. විජේ බංඩා මහතා මෙම අනපේක්ෂිත ක’රදරයට මුහුණදුන් ආකාරය මෙසේ පැහැදිලි කළේය.

”මම වකුගඩු රෝගියෙක්. මගේ පුතා මේ වතාවේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. එයාට අවුරුදු පහළොවයි. මට මහන්සිවෙලා වැඩක් කරන්න බැහැ.පුතා තමයි ඉගෙන ගන්න ගමන් කුඹුරේ වගා කටයුතු සේරම කරන්නෙ. මම ගමේ ස්වෙච්ඡා සංවිධාන කීපයක නායකත්වය දරනවා.මේ සිදුවීම වුනේ ගිය සැප්තැම්බර් මාසේ 21 හවස. එදා පුතා එයාගේ යාළුවෙක් වු අවුරුදු 17ක දරුවෙක් එක්ක නාන්න උල්හිටිය ඔයට ගියා.

ඔයේදී විහිළුවක් දුරදිග ගිහින් මගේ පුතා ගහපු පා’රකට ඒ දරුවාගේ ඔළුව තු’වාල වෙලා. ළමයි ගෙදර ආවට පස්සේ තු’වාල වුණු දරුවා ත‍්‍රිවීල් එකකින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට යැව්වා. තු’වාලය හිසේ තිබුණ නිසා වැඩිදුර පරීක්ෂණවලට ළමයා පොළොන්නරුව මහ රෝහලට යැව්වා. පොලොන්නරුවට ගියපු කෙනෙක් දරුවා මි’ය ගියා කියලා නෑදෑයින්ට බො’රුවක් කියලා. අවුරුදු 17 කොල්ලො දෙන්නෙක් එක්ක අවුරුදු පනහක විතර පිරිමි දෙන්නෙක් ක’සිප්පු බී ගෙන ඇවිත් රෑ හතට විතර අපිට හොඳටම ගැ’හුවා.

මම වකුගඩු රෝගියෙක් බව ඒ අය දන්නවා. නමුත් බිම දාලා පා’ගලා අපට ගැහුවා. මට කීප වතාවක් සිහිය නැති වුණා. කැත්තක් අරගෙන පුතා ම’රන්න හොයනකොට මගේ බිරිඳ ඇඳගෙන හිටිය චීත්තයෙන් පුතා වහ ගත්තා.

උන් ඒක දැකලා අසනීපෙන් ඉන්න මගේ බිරිඳටත් හොඳටම ගැ’හුවා. ඒ ප’හරවල් දරාගන්න බැරිව බිරිඳට පුතාගේ ඇගේම මුත‍්‍රා ගියා. පුතාගේ යාළුවා මි’යගියා කියලා කිව්ව නිසා අපිත් ම’රලා ගියත් කමක් නැහැ කියලා ග’හන පාරවල් ඉවසගෙන හිටියා.

ප’හරදෙන ගමන් උන් අපේ ගෙදර ගි’නිතියන්න කතා වුනා. අපි ඊට පස්සේ ජීවිතය බේරා ගන්න වෙල් යායට පැනලා කළුවරේම දෙහිඅත්තකණ්ඩිය පොලිසියට ආවා. ඒ එන ගමනේදී වල් අලිත් හමු වුණා. උන් කිසිම ක’රදරයක් කළේ නැහැ. පොලිසියෙන් අපිව රෝහලට ඇතුළත් කරලා ඉක්මනින් ගෙදර බලන්න ගියා.

පොලිසිය ගෙදරට යනකොට ච’ණ්ඩි සේරම පැනලා ගිහිං හැංගිලා. පහුවෙනිදා පොළොන්නරුවේ රෝහලට යවපු ළමයත් ටිකට් කපාගෙන ගෙදර ගියා. අපි තුන්දෙනා සතියක් විතර ප‍්‍රතිකාර ලබාගෙන ගෙදර ගිහින් බලකොට ගෙදර බඩුමුට්ටු සේරම කු ඩු කරලා. පොලිසිය ඉක්මනින් එතෙන්ට නොගියානම් ඒ අය ගේ ගි’නි තියනවා. කවුරුහරිගේ තිබුණ වටිනා බඩු කීපයක් හො’රකම් කරලා.

දැන් ඒ සිදුවීම ගැන පොලිසියෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. දැන් මේ සිදුවීම ගැන මුළු ගමම ක’ම්පා වෙනවා.මට වැ’දුන ප’හරවල් නිසා තවම ඇවිදින්න බැහැ. පුතාගේ හිසේ කැ’ක්කුමක් තියෙනවා. මගේ පුතා එක්ක ර’ණ්ඩු වෙලා රෝහල්ගත කළ ළමයාගේ අම්මා තාත්තා හෝ පවුලේ කිසිම කෙනෙක් ක:රදර කළේ නැහැ.

ඒ ළමයාගේ නෑදෑයෝ තමයි වි’යරු වැ’ටිලා ඇවිත් ගැහුවේ. එදා අපි පැනලා නොගියානම් මේ මිනිස්සු අපි ම’රලා ලොකු අ’මාරුවක වැ’ටෙනවා. ම’ත් ද්‍රව්‍ය නි’වාරණ වැඩ සටහන්වලට මම පොලිසිය එක්ක එකතුවෙලා පසුගිය කාලේ කටයුතු කළා. ඒකත් මේ ප’හරදීමට හේතුවක් විදිහට මම දකිනවා.

මේ සිදුවීම වෙලා මාසයකට කිට්ටු උනත් අපි තවම වෛද්‍ය ප‍්‍රතිකාර ගන්නවා. දරුවන්ගේ ප‍්‍රශ්න වලට හොයන්නේ බලන්නේ නැතුව වැඩිහිටියෝ ක’ලබල වෙන්න එපා කියලා මුළු මහත් සමාජයෙන්ම ඉල්ලා සිටිනවා.

දිඹුලාගල – ප‍්‍රසන්න සිල්වා සහ දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here